gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හබරාදූව මුහුදේ සිය පුතුන් දෙදෙනා අත් අල්ලාගෙන එකට දියේ ගිලී මිය යනු දුටු තාත්තාගේ සාක්ෂිය…

හබරාදුව පොලිසිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ප්‍රබල රළ පහරකට හසුව දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේය. මේ සිදුවීම ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ජලා කම්පා කරමින්  ගලා ගියේය.  මෙලෙස මියගොස් ඇත්තේ කටුනායක, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ජුඩ් ෂෙවන්ත පෙරේරා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටි 21 හැවිරිදි ඇන්ටන් සෙනාල් පෙරේරා යන සහෝදරයින් දෙදෙනාය.

සිද්ධිය වු වහාම  ප්‍රදේශවාසීන්  මැදිහත් වී ඔවුන් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් එම තරුණ සහෝදරයන් දෙදෙනා මෙලොව හැරගොස් සිටි බව පොලිසිය  පැවසුවේය.

සිද්ධිය සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විනි. එහිදී තමන්ගේ දරුවන් දෙදෙනා අත් අල්ලාගෙන දියේ ගිලී එකට මිය යන මහා ඛේදවාචකය ඇස් දෙකට දුටු දරුවන්ගේ පියා මෙසේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි  දී තිබිණි.

දෙදරුවන්ගේ  පියා වන චමින්ද ජුඩ් ප්‍රනීත පෙරේරා (55) පවසා සිටියේ තම දරුවන් දෙදෙනා අවසන් මොහොත දක්වාම දෑත් එකිනෙකා තදින් අල්ලාගෙන රළ පහරින් බේරීමට උත්සාහ කළ බවය.

දකුණු පළාතේ සංචාරයක නිරතව සිටි මෙම පිරිස, අප්‍රේල් 14 වැනිදා දහවල් කටුනායක බලා ආපසු එන අතරතුර ප්‍රදේශවාසියෙකු පැවසූ තොරතුරකට අනුව මෙම ස්ථානයෙන් මුහුදට බැස තිබේ. පිරිමි පුද්ගලයින් මුහුදේ දිය නාමින් සිටින විට, කාන්තාවන් වෙරළේ සිට ඔවුන් දෙස බලා සිට ඇත.

“පැය භාගයක් විතර අපි නෑවා. එකපාරටම මහා රළ පහරක් ඇවිත් මගේ පුතාලා දෙන්නව මුහුද දිහාවට ඇදගෙන ගියා. මමයි, නෝනාගේ අයියයි පුතයිත් රළට අහුවෙන්න ගියත් අපි බේරුණා. පුතාලා දෙන්නා මීටර් 100ක් විතර ඈතට ගහගෙන ගියා. ඒ දෙන්නා දෑත් එකට අල්ලාගෙන බේරෙන්න උත්සාහ කරනවා අපි වෙරළේ ඉඳන් දැක්කා. විනාඩි 10ක් විතර ඒ දෙන්නා දියේ උඩ යට යමින් පොරබදමින් හිටියා,”   පියා වේදනාවෙන් යුතුව සාක්ෂි ලබා දුන්නේය.

අසල හෝටලයක සිටි ජීවිතාරක්ෂක භටයින් පැමිණ තරුණයින් දෙදෙනා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබා දී හබරාදුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත්, රෝහලට රැගෙන යන විටත් ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

මෙම මරණ පරීක්ෂණය හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක විසින් කරාපිටිය ජාතික රෝහලේදී පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා විසින් සිදු කරන ලද අතර, ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දු කළේය.

හබරාදුව පොලිසියේ පොලිස් කොස්තාපල් (32474) පෙරේරා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.

මේ තරුණ දරුවන් දෙදෙනාගේ වියෝවෙන් පළාතම කම්පා වී තිබිණි.  ප්‍රදේශවාසියෙක් ඔවුන් පිළිබඳ සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“අම්මයි තාත්තයි කොහොම දරාගන්නද පුතේ ඔයාලා දෙන්නම එයාලව තනි කරලා යන්න ගියහම…   ගමේම හිටපු හරිම නිහඬ, යහපත්  පවුලක් ඔයාලගෙ පවුල… කාටවත්ම වචනෙකින්වත් කරදරයක් වදයක් වෙලා නැතුව ඇති ඔයාලා… ඔයාලට මෙහෙම උනේ… ??? අදහා ගන්නත් බෑ පුතේ… “

“ශෙනාල් පුතේ… ඇන්ටන් ශෙනාල් පුතේ… මම දන්නේ සම්පූර්ණ නමින්මයි ඔයාව… ඔයා දහම් පාසලේ මට මතක විදිහට අට වසරෙදි මගෙ පන්තියෙ… ඒ අවුරුද්දේ මගෙ පන්තියෙ හිටපු දක්ෂම දරුවා ඔයා… නිහතමානිකමත් ඒ තරම්මයි… ඔයා පන්තියෙදි දවසක් අහපු දෙයක් නිසා, ඊට පස්සේ හැම අවුරුද්දකම, හැම පන්තියකදිම මම ඔයාව මතක් කරනවා අනිවාර්යයෙන්ම… ඒ තමයි පුතේ ඔයා දවසක් මං ගාවට ඇවිත් ඉතාම බැහැපත්ව මගෙන් ඇහුවා ටීචර් අපි ශුද්ධවූ බයිබලය කියලා කිව්වට හරි නං කියන්න ඕනා ශුද්ධ බයිබලය කියලා නේද බයිබලයට… මම ඒක ඊට පස්සේ හැම පන්තියකදිම වාගේ කියනවා ළමයින්ට, ළමයි… දවසක් අයියා කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවා කියලා…”

“ඔයාලා හරි රත්තරං දරුවෝ දෙන්නෙක් පුතේ… සහෝදරයෝ දෙන්නෙක්ටත් වඩා ඔයාලා යාළුවෝ දෙන්නෙක් වගේ ජීවත් උනේ… ඉරිදා පූජාවට ඔයාලා දෙන්නා අම්මා තාත්තා… එන විදිහ මැවිලා පේනවා පුතේ…”

“ජේසුට ඔයාලව ඕනා වෙන්න ඇති… අම්මා තාත්තට මේ වේදනාව දරා ගන්න ශක්තිය දෙන්න කියලා අපි ජේසුට කියන්නං පුතේ…  ඔයාලා දෙන්නා ජේසු අම්මගෙ තුරුලට දැනටමත් ගිහින් ඇති…   ආදරෙයි පුතේ… ජේසු පිහිටයි ඔයාලට “

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka