gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවිය පෙන්නපු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට!

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (27) උදෑසන ඉලවාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අයුතු ලෙස ඉඩමකට ඇතුළුවීම යන චෝදනා යටතේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහුගේ ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ පසුගිය 25 වැනිදා පෙරියවිලාන් ප්‍රදේශයේ ඉඩමක ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයකි. අදාළ ඉඩම එළිපෙහෙළි කිරීම සඳහා මන්ත්‍රීවරයා එහි ගිය අවස්ථාවේදී, ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සමඟ දැඩි බහින්බස් වීමක් හටගෙන ඇත. එහිදී කෝපයට පත් මන්ත්‍රීවරයා තම අත තිබූ පිස්තෝලය දිගු කරමින් අදාළ කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් ලෙස ප්‍රචාරය විය. එමෙන්ම, මෙම ආරවුල සමථයකට පත් කිරීමට පැමිණි කාන්තාවන්ගේ ඥාති තරුණයෙකුටද මන්ත්‍රීවරයා විසින් පා පහරක් එල්ල කර ඇති බවට ඥාතීන්ගෙන් චෝදනා එල්ල වී තිබුණි.

ආරවුලට තුඩු දී ඇති මෙම ඉඩමේ මායිම් සහ අයිතිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින පසුබිමක මෙම ගැටුම නිර්මාණය වී ඇත. සිද්ධිය වූ දින එම ස්ථානයේ සිටි නීතිඥවරියකද අදාළ කාන්තාවන් සමඟ වාද කරමින් සිදුවීම වීඩියෝගත කර තිබේ. කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් ඉලවාලෙයි පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව, ගිනි අවි තර්ජනයට ලක්වූ එක් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අධිකරණයේ විශේෂ අවසරය මත ඇයගේ එක් හැවිරිදි දරුවාටද මව සමඟ බන්ධනාගාරයේ රැඳී සිටීමට එහිදී අවස්ථාව හිමිව තිබුණි.

කාන්තාවකට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කිරීම සහ තරුණයෙකුට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මුලදී කිසිදු නීතිමය පියවරක් ගෙන නොතිබීම පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබුණි. එහෙත් අදාළ සිද්ධිය පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාව අද දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගත් අතර, ඔහුව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටියි.

මෙම සිදුවීමට අදාළ වීඩියෝව බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka