gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

31 වැනිදා පාස්කු මහ මොළකරු හෙළි කිරීම අනිවාර්යෙන්ම කරනවා – උදය ගම්මන්පිල කියයි

එළඹෙන 31 වැනිදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පසුගියද‍ා මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස තමාට පොත නිකුත් කිරීමට නම් 27 වැනිදා නඩුවෙන් ‘ඇතුළට’ නොගොස් සිටිය යුතු බවට ප්‍රකාශ කළ බවත්, අද දින අධිකරණයට පැමිණි තමා දැන් නිදහසේ ගෙදර යන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව 31 වැනිදා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බවත්, බොරු කුමන්ත්‍රණ න්‍යායන් හැදුවේ කවුරුන්ද යන්න සහ සැබෑ මහ මොළකරු කවුද යන්න සාක්ෂි සහිතව හෙළිදරව් කරන බවයි ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන විට රට අඳුරට ගෙන යමින් පවතින බවත්, ඉදිරියේදී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් පවසා සිටියා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka