gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදා ඔත්තුකරුවෙකු හරහා කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදී ඇත්තේ සලේ – CIDය අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල නවතම ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් බරපතළ කරුණු රැසක් අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් කරුණු අතර ප්‍රධාන වශයෙන් සාරා ජැස්මින්ගේ DNA පරීක්ෂණ සහ හමුදා ඔත්තුකරුවන් හරහා සිදුකළ මෙහෙයවීම් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

සයිනමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගිය බව තහවුරු කිරීමට මීට පෙර අවස්ථා දෙකකදීම DNA පරීක්ෂණ සිදු කර ඇතත් ඒවා නොගැළපී තිබේ. එසේ තිබියදී තෙවැනි වරටත් DNA පරීක්ෂණයක් සිදු කරන ලෙස සුරේෂ් සලේ විසින් CID නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව අධිකරණයේදී ප්‍රකාශ විය.

මෙම බලපෑම් කොතරම් තදින් ක්‍රියාත්මක වීද යත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුට ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් හදිසි හෘදයාබාධයක් පවා වැළඳී ඇති බවත් CIDය අධිකරණයට හෙළි කළේය.

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වූ අවස්ථාවක එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද මෙම තෙවන DNA පරීක්ෂණය පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka