gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැවත ඉන්ධන QR ක්‍රමයකට යන්න වෙයි..- බලශක්ති නි. අමාත්‍ය

පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත්, ඉන්ධන බෙදාහැරීමේ පද්ධතියට එල්ල වන පීඩනය හමුවේ නැවතත් QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකි බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට තුළ දැනට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. 

මේ වන විට මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙට්‍රල් දින 37කටත්, ඩීසල් දින 35කටත්, ගුවන් ඉන්ධන දින 47කටත් සහ සුපර් ඩීසල් දින 30කට වැඩි කාලයකටත් ප්‍රමාණවත් පරිදි පවතින බවයි.

ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති අතර, එම ඉන්ධන තොග මෙරටට ලැබෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාව වැනි රටවලින් බැවින්, සැපයුම සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ජනතාව සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩිපුර ඉන්ධන ගබඩා කිරීමට උත්සාහ කළහොත්, ඉන්ධන ප්‍රවාහන ජාලය අඩපණ විය හැකි බව ඔහු පෙන්වා දෙයි. 

මේ හේතුවෙන් බූලි සහ වෙනත් බඳුන් වලට ඉන්ධන එකතු කිරීම වහාම නතර කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර, එවැනි කටයුතු සොයා බැලීමට පොලිස් මැදිහත්වීම සිදුකරන බවද ඔහු පැවසීය.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ නිවාඩු පවා අවලංගු කර ඇති බවත්, බෙදාහැරීම් කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka