gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන පාලනය පෙරලන්න බැ..- ඇමරිකා බුද්දි වාර්තාවක් එලියට!

ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළද, එරට පවතින ආගමික සහ මිලිටරි පාලන තන්ත්‍රය පෙරළා දැමීම අපහසු වනු ඇති බවට ඇමෙරිකානු ජාතික බුද්ධි මණ්ඩලය (NIC) කළ රහසිගත වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇතැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කරයි.

ඉරානය තුළ වසර ගණනාවක් පුරා මුල් බැසගෙන ඇති ආයතනික පද්ධතිය සහ ආරක්ෂක ව්‍යුහය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වුවද, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එරට ආරක්ෂක අංශ සහ පූජක මණ්ඩලය සතුව විධිමත් වැඩපිළිවෙළක් පවතින බව බුද්ධි අංශ නිගමනය කර ඇත.

ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී සඳහන් කරන්නේ "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) නමින් ක්‍රියාත්මක මෙම යුද මෙහෙයුමේ අරමුණ ඉරානයේ බැලිස්ටික් මිසයිල නිෂ්පාදන ධාරිතාව සහ නාවික හමුදාව විනාශ කිරීම බවයි. කෙසේ වෙතත්, ඉරානයේ විපක්ෂ කණ්ඩායම් විසිරී පවතින බැවින්, පවතින පාලනය බිඳ වැටුණද ඔවුන්ට බලය අල්ලා ගැනීමට ඇති හැකියාව ඉතා අඩු බව බුද්ධි අංශ පෙන්වා දෙයි.

මේ වන විට ඉරානයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව එරට අභ්‍යන්තරයේ යම් බල අරගලයක් පවතින බව වාර්තා වේ. අභාවප්‍රාප්ත උත්තරීතර නායකයාගේ පුත් මොජ්තාබා කමේනිගේ නම ඒ සඳහා යෝජනා වී ඇති අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඔහුට සහාය පළ කරයි. එහෙත් ඔහු "අදක්ෂයෙකු" බව පවසන ජනාධිපති ට්‍රම්ප්, ඉරානයට නව නායකයෙකු පත් කිරීමේදී තමන්ටද භූමිකාවක් තිබිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා ඇත්තේ ඉරානයේ ඉරණම තීරණය කරන්නේ ඉරාන ජනතාව මිස විදේශීය බලවේග නොවන බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka