gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය මැදපෙරදිග ඇමරිකානු විශාලම කදවුරට පහර දේ!

කටාර්හි පිහිටි මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා මධ්‍යස්ථානය වන අල්-උඩෙයිඩ් (Al-Udeid) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. අඟහරුවාදා රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව, ඉරානයේ සිට කටාර් රාජ්‍යය වෙත බැලිස්ටික් මිසයිල දෙකක් එල්ල වී ඇත. ඉන් එක් මිසයිලයක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර ඇති අතර, අනෙක් මිසයිලය දෝහා අගනුවරට නිරිත දෙසින් පිහිටි අදාළ හමුදා කඳවුරු පරිශ්‍රයට පතිත වී තිබේ.

රටේ ස්වෛරීභාවය සහ භූමිය ආරක්ෂා කිරීම සඳහා කටාර් සන්නද්ධ බලකාය සතුව පූර්ණ හැකියාව පවතින බවත්, ඕනෑම බාහිර තර්ජනයකට එරෙහිව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවත් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළේය. පවතින තත්ත්වය හමුවේ කලබලයට පත් නොවී, රජයේ නිල උපදෙස් පිළිපදින ලෙසත්, කටකතා විශ්වාස නොකර තහවුරු කරන ලද තොරතුරු මත පමණක් විශ්වාසය තබන ලෙසත් අමාත්‍යාංශය එරට පුරවැසියන්ගෙන්, පදිංචිකරුවන්ගෙන් සහ සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

මිසයිල ප්‍රහාරය හේතුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව අදාළ ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් කර නොමැති වුවද, ප්‍රහාර මාලාව ආරම්භ වූ දා සිට කටාර් ගුවන් සීමාවට පැමිණි කෲස් මිසයිල 3ක්, බැලිස්ටික් මිසයිල 101ක් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා 39ක් හඳුනාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි. ඉන් සියලුම මිසයිල සහ ඩ්‍රෝන යානා 24ක් සාර්ථකව විනාශ කර ඇත.

පසුගිය සෙනසුරාදා අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරවලින් පුද්ගලයන් 800කට ආසන්න පිරිසක් මියයාමත් සමඟ කලාපය පුරා දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඉශ්‍රායලයට මෙන්ම අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් මෙම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka