gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක වෙළඳපොළේ පෙට්‍රල් 430යි, ඩීසල් 586යි…. මිල වැඩි කළාට තවම හොඳටම පාඩුයි…! – සිපෙට්කෝ සභාපති

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 260කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140කින් ඉහළ දැමිය යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J. රාජකරුණා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ඉක්මනින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පවතින ගෝලීය තත්ත්වය මත බවයි.

විශේෂයෙන්ම යුදමය වාතාවරණය ආරම්භ වූ මුල් දිනවල ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම්වල සිට ඉන්ධන රැස් කිරීම හේතුවෙන්, සංස්ථාව සතුව තිබූ ඉන්ධන සංචිත සීඝ්‍රයෙන් අවසන් වීම මෙම තත්ත්වයට ප්‍රබල හේතුවක් වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

සභාපතිවරයා ඉදිරිපත් කළ දත්තයන්ට අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 430ක පිරිවැයක් දැරීමට සිදුවුවද, එය දැනට අලෙවි කරනු ලබන්නේ රුපියල් 398ක මුදලකටය. ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 32ක පාඩුවක් සංස්ථාව ලබයි.

ඩීසල් සම්බන්ධ තත්ත්වය වඩාත් බරපතළ වන අතර, එහි පිරිවැය රුපියල් 586ක් වුවද දැනට අලෙවි කරන්නේ රුපියල් 382කට පමණි. ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 204ක විශාල පාඩුවක් සිදුවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka