gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

lank E news කතෘ සදරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට ගනී...

 
විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක පොලිසිය විසින් අද (11) දහවල් අත්අඩංගුවට ගත් ‘ලංකා ඊ නිව්ස්’ කර්තෘ තව සුළු මොහොතකින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බවත් ඔහුව හෙට (12) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වනවිට ඔහු කටුනායක පොලිසියේ රඳවාගෙන සිටින බවද වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී ‘ලංකා ඊ නිව්ස් ‘ කර්තෘ මණ්ඩල සාමාජික ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර එම මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීමෙන් පසු දිගින් දිගටම පැමිණි තර්ජන හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් පලාගොස් විදෙස්ගතව ජීවත්වූ ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර වසර 16කට පසු අද (11) දහවල් දිවයිනට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

‘ඊ නිව්ස් කතුවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ‘ලංකා ඊ නිව්ස් කර්තෘ ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් දිලීෂා අබේසුන්දර ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

”දීර්ඝ කාලයක් තිස්සේ විදෙස්ගතව සිට දිවයිනට පැමිණි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණ නියෝගයක් අනුව බව කියැවේ.

මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා දීර්ඝ කාලයක් තිස්සේ රටින් බැහැරව සිටියේ සිය මාධ්‍යකරණය හේතුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසාය. එබැවින් මෙම පොලිස් අත්අඩංගුවට පත්වීම තුළදී පවා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.

එසේම අප විසින් විමර්ශනය කරන ලද මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්ව ඇත්තේ 2016 වසරේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊට අදාළවද යන්න පිළිබඳව මෙතෙක් අප වෙත තහවුරු වී නැත.

එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතී හා සාධාරණ නීති කෘත්‍යයකට ඔහුට ඇති අයිතිය ආරක්ෂා කර දෙමින්  ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.”




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka