gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල බෙහෙත්වලින් මූලික අයිතිවාසිකම් කැඩුනු බව තීන්දුයි... වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග!

ඉන්දියානු ණය ආධාර ක්‍රමය භාවිත කරමින්, නිසි ලියාපදිංචියක් නොමැති ආයතනයකින් ඖෂධ මිලදී ගැනීම හරහා මෙරට පුරවැසියන්ගේ මූලික අයිතීන් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

2022 වසරේදී පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ක්‍රියාවලියට වගකිවයුතු එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් පිරිසකට රජය වෙත විශාල වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩු තීන්දුවට අනුව වගඋත්තරකරුවන් ගෙවිය යුතු වන්දි මුදල් මෙසේය.

*කෙහෙළිය රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය): රුපියල් මිලියන 75 ක්
*ජනක චන්ද්‍රගුප්ත (හිටපු සෞඛ්‍ය ලේකම්): රුපියල් මිලියන 50 ක්
*මහාචාර්ය එස්.ඩී. ජයරත්න (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති): රුපියල් මිලියන 50 ක්
*වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය තුසිත සුදර්ශන: රුපියල් මිලියන 50 ක්.

මෙම සියලු වන්දි මුදල් අදාළ පුද්ගලයන් විසින් තම පෞද්ගලික ධනයෙන් රජය වෙත පියවිය යුතු බව අධිකරණ තීන්දුවේ අවධාරණය කර ඇත.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka