gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යුද උණුසුම ඉහළට... නෞකා තුනකට ප්‍රහාර!

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් උග්‍ර වෙමින්, ලෝකයේ ප්‍රධානතම වෙළඳ නෞකා මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් කලාපීය යුද තත්ත්වය තීරණාත්මක අඩියකට පත්ව තිබේ. බදාදා උදෑසන පමණක් නෞකා තුනක් ප්‍රහාරයට ලක්ව ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ඒජන්සිය (UKMTO) තහවුරු කරයි.

මෙම ප්‍රහාරවලින් එක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති අතර, එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ තවත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව වාර්තා වේ.

යුද්ධය ආරම්භ වූ දා සිට එල්ල කරන ලද "දැඩිම සහ බරපතලම මෙහෙයුම" බදාදා අලුයම දියත් කළ බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාර මාලාව ගල්ෆ් කලාපයේ රටවල් සහ ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති අතර, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් අතරමගදී විනාශ කර ඇති බව වාර්තා වේ.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටීමෙන් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් අගනුවර ඇතුළු ඉරානයේ ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි. ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයන් 1,300 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා පවසයි.

ඉරානය විසින් ගූගල් (Google), ඇමසන් (Amazon) සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) වැනි ප්‍රධාන ඇමරිකානු තාක්ෂණික සමාගම්වල කලාපීය මධ්‍යස්ථාන තම ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට අනතුරු අඟවා ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය විසින් බෝම්බ ඇටවීම (mines) ආරම්භ කර ඇති බවට වාර්තා වන අතර, මෙය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි යුද විශේෂඥයෝ බිය පළ කරති.

මේ හේතුවෙන් වියට්නාමය වැනි ආසියානු රටවල ඉන්ධන හිඟයක් පිළිබඳ බියක් හටගෙන ඇති අතර ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසී සිටින අයුරු දක්නට ලැබේ
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka