gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයේ අළු පෙරහන් පද්ධතියේ දෝෂයක්! පරිසරයට සහ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්!

නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ අළු පෙරහන් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති බව වාර්තා වේ. මේ නිසා බලාගාරයේ දුම් කවුළුවෙන් අතිවිශාල පියාසර අළු ප්‍රමාණයක් පාලනයකින් තොරව වායුගෝලයට මුදාහැරෙමින් පවතින අතර, එය දැවැන්ත පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පෙන්වා දෙයි.

බලාගාරය සඳහා භාවිත කරන ගල් අඟුරුවල පවතින බාල ප්‍රමිතිය මෙම තාක්ෂණික ගැටලු සඳහා හේතු වී ඇති බව රලපනාව මහතා සිය සමාජ මාධ්‍ය සටහනක දක්වයි.

මෙලෙස වායුගෝලයට මුදාහැරෙන අළු හේතුවෙන් අවට පරිසරය සහ වගාබිම් දැඩි ලෙස දූෂණයට ලක්වෙමින් පවතින අතර, ප්‍රදේශවාසීන් සහ අවට ජනතාවට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ බරපතල අවදානමක් ද මතු වී ඇත.

මෙම තත්ත්වය හදිසි පාරිසරික සහ සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින්, බලධාරීන් මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka