gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවි බිම තබා යටත්වෙන්න, නැත්නම් මරණය – ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ.
ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්,

“මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා.

එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ” යනුවෙන් පවසා ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka