gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Breaking : ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉරාන යුද නෞකාවකට අමෙරිකානු ප්‍රහාරයක්! - නාවිකයන් 87ක් ජීවිතක්ෂයට!

කුවේට් රාජ්‍යයේ මුබාරක් අල් කබීර් වරායට නාවික සැතපුම් 30ක් ගිනිකොණ දෙසින් ජාත්‍යන්තර මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක අද (05) උදෑසන විශාල පිපිරීමක් සිදුව තිබේ. එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒකකය (UKMTO) වාර්තා කරන පරිදි, නෞකාවේ වම් පසින් (Port side) මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් පසුව කුඩා යාත්‍රාවක් එම ප්‍රදේශයෙන් වේගයෙන් පිටව යන අයුරු නෞකාවේ කප්පිත්තා විසින් නිරීක්ෂණය කර ඇත. 

පිපිරීම හේතුවෙන් නෞකාවේ බඳට හානි සිදුවී ජලය ඇතුළු වෙමින් පවතින නමුත් එහි සිටි සියලුම නාවිකයන් ආරක්ෂිතව සිටින බව තහවුරු කර තිබේ.

මෙම පිපිරීමත් සමඟ නෞකාවේ තෙල් ටැංකියකට හානි සිදුවී ඇති අතර, මුහුදු ජලයට තෙල් කාන්දු වෙමින් පවතින බව වාර්තා වේ. 

මෙය කලාපීය මුහුදු පරිසරයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවයි. කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම අනතුර සිදුව ඇත්තේ තම දේශීය මුහුදු සීමාවෙන් බැහැරව, මුබාරක් අල් කබීර් වරායේ සිට කිලෝමීටර 60ක් පමණ දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේ බවයි.

අද දින අලුයම ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉරාන යුද නෞකාවකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා හතරකට එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ මෙම නවතම පිපිරීම ද මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ඇවිළවීමට හේතු වී ඇත.

ඉරානය විසින් මෙම මුහුදු කලාපයේ පාලනය තමන් සතු බව පවසා ඇති පසුබිමක, මෙවැනි ප්‍රහාර එල්ල වීම ගෝලීය බලශක්ති සැපයුමට සහ නාවික ගමනාගමනයට දැඩි තර්ජනයක් වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka