gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෑම බදාදා දිනම රජයේ නිවාඩු දිනයක් කෙරේ..

පවතින ඉන්ධන සැපයුම් ගැටලුවට විසඳුමක් ලෙස එළඹෙන බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මෙරටට බලපෑ හැකි ඉන්ධන සැපයීමේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී ඇත.

මෙම විශේෂ නිවාඩු දිනය රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රය සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සපයන සෞඛ්‍ය සේවා, වරාය, ජල සම්පාදන සේවා, රේගුව පහත සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව රජය අවධාරණය කරයි.

රාජ්‍ය උත්සව අත්හිටුවීම ඉන්ධන සහ පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් රජයේ සියලුම උත්සව කටයුතු ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට මෙහිදී තීරණය කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka