gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තැඹිලි අපනයනය නවතී.. තැඹිලි අපනයනකරුවෝ අනාතයි..

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම රටවලට මෙරට තැඹිලි අපනයනය නතර වී ඇතැයි අපනයනකරුවෝ කියා සිටිති. සතියකට තැඹිලි ගෙඩි 320,000 ක් පමණ මෙරටින් ඩුබායි වෙළෙඳ කේන්ද්‍රස්ථානය හරහා සෞදි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට අපනයනය කෙරිණි.

මැදපෙරදිග රටවල මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවැති අතර, යුදමය තත්ත්වය සමග නැව් ගමනාගමනය අඩාළවීමෙන් මෙරට තැඹිලි අපනයනය නතරවී තිබෙන බව අපනයනකරුවෝ කියා සිටිති.

ඔවුහු වැඩිදුරටත් පවසන්නේ තැඹිලි අපනයනය නතරවීමත් සමග තැඹිලි සැපයුම්කරුවන් ඇතුළු විශාල පිරිසකට සිය ආදායම් මාර්ග ඇහිරී ඇති බවයි.

මැදපෙරදිග රටවලට තැඹිලි අපනයනය නතර වීමත් සමග අපනයන තත්ත්වයේ තැඹිලි දේශීය වෙළෙඳපොළට ලැබෙන ප්‍රමාණයද ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 180ත් 200ත් අතර මිලකටද, විශාල ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 250ක් වැනි මිලකටද අලෙවි කෙරේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka