gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ මුල් වරට මෙවර රජයෙන් අවුරුදු නැකැත් නෑ..

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේදී සිංහල සහ දළ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත. පසුගිය 2024 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නැකැත් නිවැරදි නොවන බව පවසමින් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් එවකට සිටි විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ සමයේදී අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හරිනු ලැබීය.

වසර එක හමාරකට අධික කාලයක් ගත වුවද තවමත් එම කමිටුව යළි රැස්කර නොමැති බව වාර්තා වේ.

මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා තහවුරු කළේ මේ වසරේදී නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකරන බවයි.

මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් එකිනෙකට වෙනස් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කර ඇති බැවින්, ජනතාවට තමන් කැමති ආකාරයකින් ඒවා පිළිගෙන චාරිත්‍ර ඉටු කළ හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1991 වසරේ සිට සෑම වසරකම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කළ බව පවසන ජ්‍යොතිෂඥයින්, මෙවර එවැනි නිල ප්‍රකාශනයක් නොමැති වීමෙන් චාරිත්‍ර ඉටු කිරීමේදී ජනතාව අතර දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගන්නා බව පෙන්වා දෙති.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka