gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇප මත සිටින ඇමති ජයකොඩි අස්වෙනවාද.. නැද්ද.. ලොකු සංවාදයක්..

මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇප මත මුදාහැර සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර දැඩි සංවාදයක් මතුව ඇතැයි වාර්තා වේ. එක් පාර්ශවයක් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති බැවින්, නඩු තීන්දුවක් ලැබෙන තෙක් හෝ සාධාරණ කාලසීමාවක් යනතුරු ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවයි. එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා විනිවිදභාවය සුරැකීමට අත්‍යවශ්‍ය කරුණක් බව ඔවුන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, අනෙක් පාර්ශවය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා කිසිදු අධිකරණයක මෙතෙක් ඔප්පු වී නොමැති බැවින් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත්ය.

මේ අතර, අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගන්නා ස්ථාවරය කෙරෙහි ද මෙම අධිකරණ ක්‍රියාවලිය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka