gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊශ‍්‍රායලයේ මිසයිල නාශක අවසන්.. අන්තිම දහයක් පමණයි.. ඉරාන මිසයිල නොනවතී.. යුද්දය කණපිට හැරෙමින්...

ඉරානය සමඟ පවතින ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායලය සතු බැලැස්ටික් මිසයිල නාශක පද්ධති සඳහා භාවිත කරන ප්‍රති-මිසයිල (Interceptors) තොග දැඩි ලෙස පහත වැටී ඇති බවට අමෙරිකානු වාර්තා උපුටා දක්වමින් Semafor පුවත් සේවය වාර්තා කරයි.

අමෙරිකානු බලධාරීන් පවසන පරිදි, ඊශ්‍රායලය මේ සතියේදී මේ පිළිබඳව එක්සත් ජනපදය දැනුවත් කර තිබේ.

ඊශ්‍රායලයේ මිසයිල නාශක තොග ඉතා අවම මට්ටමකට පැමිණ ඇති බවත්, ඇතැම් විට ඉතිරිව ඇත්තේ මිසයිල නාශක 10කටත් වඩා අඩු ප්‍රමාණයක් විය හැකි බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.

මෙම තත්ත්වය කලින් අපේක්ෂා කළ එකක් බව පවසන අමෙරිකානු නිලධාරීන්, කලාපය තුළ සිටින තම පිරිස් සහ මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය තරම් අවි තොග අමෙරිකාව සතු බව සහතික කර ඇත.

මෙම හිඟයට පිළියම් සෙවීම සඳහා ඊශ්‍රායලය විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, මැදපෙරදිග ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන නාශක පද්ධති එවීමට බ්‍රිතාන්‍ය රජය ද අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka