gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශයි! ( වීඩියෝ සහිතයි)

ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි දෙකක අද (31) හදිසි ගින්නක් හටගෙන තිබේ. එම ස්ථානයේ භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් ගාල් කර තිබූ අතර, ඉන් මැදිරි දෙකක් සම්පූර්ණයෙන්ම ගින්නට හසුව ඇති බව වාර්තා වේ.

ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ හමුදාව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම අනතුරින් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය සහ දුම්රිය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka