gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පිළිතුර ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක්: රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳ විමර්ශන ප්‍රමාද වෙයි!

2023 වසරේදී හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන විමර්ශනවලට අදාළව, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ලබාදුන් පිළිතුර පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මෙම මතභේදය හේතුවෙන්, මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනැමූ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ විමර්ශන අවසන් කිරීම ප්‍රමාද වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ගිය සතියේ සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණේ  එම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස රනිල් වික්‍රමසිංහට තමන් ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී  තිබුණ බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ එක් පාර්ශ්වයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අනුමත කරන බවත් තවත් පාර්ශ්වයක් එය පිළිගත හැකි බවට අදහස් දක්වන බවත් අද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාලයේ මෙම ප්‍රතිචාරය, නඩු මෙහෙයවනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම පිළිතුර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් විමර්ශන අවසන් කිරීම සහ අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම හෝ ඉවත් කිරීම ප්‍රමාද වී තිබේ.

මේ අතර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු සාම්පල සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් නීතිපතිවරයා වෙත ලැබී නොමැත.

අදාළ වාර්තා කඩිනමින් ලබා ගන්නා ලෙසත්, මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

මෙම නඩුව අප්‍රේල් 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka