gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භානුක රාජපක්ෂගේ රන් මාලයක් හොරෙන් උකස් කළ නව පරපුරේ නිලි හර්ෂි රසංගා අත් අඩංගුවට!

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ භානුක රාජපක්ෂ සතුව පැවති එන් මාලයක් ඔහුගේ කිසිඳු අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් උකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව පරපුරේ නිළි හර්ෂි රසංගා  අද (30) තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වාර්තා වන අන්දමට, මෙම රන් මාලය ඇය ලබාගෙන ඇත්තේ ඇයගේ හිතවතෙකු බව කියන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ  භානුක රාජක්ෂ ගෙනි.    එම රන් මාලය නැවත හිමිකරුට ලබා නොදී, බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට උකස් කර රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් භානුක රාජපක්ෂ විසින්   කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අධිකරණයේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බව පිළිගන්නා බවත්, එය බේරාගෙන නැවත හිමිකරුට ලබා දීමට හැකියාව පවතින බවත්ය.

ඒ අනුව, අදාළ රන් මාලය තලංගම පොලිසිය මඟින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියම කළේය.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka