gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් රට බාරගන්න සාකච්චා යන බවට කසුකුසු..?

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටේ පාලනය නිසි ලෙස කරගෙන යාමට නොහැකි වුවහොත්, ඉතිරි කාලසීමාව සඳහා රටේ වගකීම භාර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කසුකුසු පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

පවතින ආර්ථික සහ සමාජීය දේශපාලන තත්ත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාට වැඩි කාලයක් මෙම ධුරය දැරීමට නොහැකි වනු ඇති බවත්, එම නිසා 2029 වසරට පෙර ජනාධිපති ධුරයේ පෙරළියක් සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් සූදානම් වෙමින් පවතින බවත් කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකු බැවින්, රටේ ආර්ථික අර්බුදය හමුවේ පසුගිය කාලයේ මෙන්ම නැවත වරක් කොටේ ඇදීමට ඔහු ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බව මන්ත්‍රීවරයාගේ මතයයි.

නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ඡන්දයකින් මිස මෙවැනි අතුරු පාලනයක් හරහා නොවන බවයි. ඒ සඳහා සුදුසුම කාලය 2029 වසර බව ඔවුන්ගේ විශ්වාසයයි.

මීට අමතරව, රාජපක්ෂවරුන් විසින් උගන්ඩාවේ මුදල් සඟවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අභියෝගයක් කළේය.

එම හොරකම් ඔප්පු කිරීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇති බවත්, අවම වශයෙන් එක රුපියලක හෝ හොරකමක් ඔප්පු කළහොත් එදිනට තමන් රාජපක්ෂ කඳවුරේ නොසිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka