gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන නැව ගිල්වීම සාගර කලාපයේ ආරක්ෂාවට බලපෑමක්

ආරක්ෂිත කලාපයක් ලෙස පැවති ඉන්දියන් සාගර කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම කලාපයට කනස්සල්ලක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ නවදිල්ලියෙහි පැවති India Today Conclave සමුළුවේදී ය. ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් යැයි ද මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී කීය.

ඒ අනුව, ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර වැඩි සහයෝගයක් හා සංවාදයක් අවශ්‍යව ඇතැයි ඔහු සඳහන් කළේය.

ආර්ථික හා යුද තලයේ ශක්තිය හේතුවෙන් මෙවැනි අවස්ථාවක ඉන්දියාවට නායකත්ව භූමිකාවක් ඇතත් ඊට සෙසු රටවල සහයෝගය අවශ්‍ය යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

(අංජුල මහික වීරරත්න)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka