gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරණායකම ගිනිගනී! ජීවිත බේරාගත් අත් දෙකක්! අනියම් පෙමක්! බිහිසුණු ඝාතනයක්!

අරණායක දිප්පිටිය ප්‍රදේශයෙන් පසුගිය සතියේ කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. ජීවිත ගණනාවක් සුවපත් කිරීමට දායක වූ අත්දෙකක්, අන් අයගේ වේදනාව සමනය කළ අත්දෙකක්, අන් අයගේ දුක්ගින්දර නිවූ හදවතක් එක් අකාරුණික මොහොතක අනියම් පෙමක් නිසා නිහඬ කරනු ලැබුවා.ඝාතනයට ලක්වූ කාන්තාව වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සමග නිත්‍යනුකූලව විවාහ වී සිට තිබූ බවද පොලිස් විමර්ශනවලදී හෙළිකරගෙන තිබුණා.

මේ පුද්ගලයාගෙන් ඇය මීට ටික කලකට ඉහතදී වෙන්වී ඇති අතර, දිප්පිටිය ප්‍රදේශයේ කුලී නිවසක වෙනම වාසය කර ඇති බවයි ඇගේ ඥාතීන් පවසා සිටියේ. වසර දෙකක පමණ සිට ඇය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් මාස කිහිපයක සිට දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති බවද පැවැසෙනවා. එයට හේතු වී තිබුණේ හෙද නිලධාරිනිය තම දරුවාද සමග යුරෝපා රටක හෙද සේවයට යාමට උත්සාහ දැරීමයි. අනියම් පෙම්වතා ඊට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග ඔවුන් දෙදෙනා අතර මත ගැටුම් හටගෙන තිබුණා. පසුව අනියම් පෙම්වතාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ සිය පෙම්වතිය තමාව දිගින් දිගටම මගහැර ප්‍රතික්ෂේප කළ බවත්, ඒ අනුව ඇයට වෙනත් පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවට තමන් සැක කළ බවයි. මේ සැකය නිසා අවසානයේ විනාශකාරී මොහොතක් උදාවී තිබුණා.

මෙම සිදුවීම වූ දින රුවිනි රෝහල් සේවය නිමකර සවස නිවසට පැමිණ තිබුණා. එවිට ඇගේ පුතු සමග නිවසේ සාලයේ සැකකරු සිට ඇත. ඒ අනුව තම දරුවා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට ඇය උත්සාහ කළ අවස්ථාවේ සැකකරු තියුණු ආයුධයකින් ඇයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල් ගතකළද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අරණායක පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ලැබ ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය 02 වැනිදා ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබුවේ මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මියයි. පසුව කෑගල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර අධිකරණ වාර්තාව අධිකරණයට යොමුකරන ලෙස නියෝග කරනු ලැබූ අතර, සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

රෝහල් කොරිඩෝවල ඇගේ සිනාව හඳුනාගත් රෝගීන් බොහෝය. නර්ස්, මිස් කියා අඬන දරුවන් වැඩිහිටියන් ඇය සන්සුන් කළාය. බියෙන් කම්පා වූ රෝගීන්ගේ අත අල්ලාගෙන සැනසුවාය. නමුත් ඇගේ ජීවිතයේ බියකරු මොහොතේ ඇයගේ අත අල්ලා ගැනීමට කිසිවකු සිටියේ නැත.

අවුරුදු 7ක පුතෙකුගේ මවක් වූ ඇයට සිය වෘත්තියට වඩා මාතෘත්වයේ වගකීම දැඩි විය. දරුවාගේ අනාගතය වෙනුවෙන් ඇය විදෙස්ගත වීමට සිහින දැක තිබූ බවයි සමීපතමයන් පවසන්නේ. යුරෝපා රටක හෙද සේවයට යාමට උත්සාහ දැරීම ඇගේ අනාගත සැලසුමක් වන්නට ඇත. ‘මගේ පුතාට හොඳ ජීවිතයක් දෙන්න ඕනෙ’ යන වචන ඇය නිතර කියා ඇති බවයි ඇගේ හිතවතුන් පවසන්නේ.

ඒ අවාසනාවන්ත රාත්‍රියේ සිදුවූ දෑ පිළිබඳ 7 හැවිරිදි පුතුගේ වචන ගම්මානයම තවත් කම්පා කරන්නට වුණා. දරුවකුගේ මතකයේ සිරවුණු ඒ මොහොත ඔහුගේ ජීවිතයේ සදා නොමැකෙන සෙවණැල්ලක් බවට පත්විය.

මේ කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් අසල්වාසියකු පවසා සිටියේ මෙවැන්නකි.
‘රෑ 9.50ට විතර ගේ ඉස්සරහින් කවුද කෑගසන ශබ්දයක් ඇහුණා. මම ගිහින් බලනකොට ගේට්ටුව ළඟ ගෑනු කෙනෙක් වැටිලා ඉන්නවා දැක්කා. එයා මුකුත් කතා කළේ නැහැ. අහල පහළ කිහිප දෙනෙක් එතැනට ඇවිල්ලා එයාව ඉස්පිරිතාලයට ගෙනිච්චා. ඒ ගෙනියනකොටත් මියගිහිල්ලා. ඒ ගෑනු කෙනා මගේ බාප්පාගේ ගෙදර කුලියට ඉන්න නර්ස් කෙනෙක්. ඇගේ අනියම් පෙම්වතා වන පැතුම් නමැත්තා තමයි මේ ඝාතනය සිදුකරලා තියෙන්නේ…’

රුවිනි සමග සේවය කළ මිතුරියක් සමාජ මාධ්‍යයේ ලියා තිබුණෙ මෙවැනි සටහනකි.
‘ඔයාගේ උපන්දිනය දවසේ සුබ පැතුමක් වෙනුවට මේ විදියට ලියන්න වෙයි කියලා හිතුවේ නැහැ. අපි එකට වැඩ කළා. හිනා වුණා. එකට කෑවා. අද ඒ හැමදේම මතකයක් විතරයි….’

රෝහලේ ඇය හිඳ සිටි පුටුව හිස්ව ඇත. නමුත් ඇය සුවපත් කළ රෝගීන් බොහෝය. මෙය ඝාතනයක්ම පමණක් නොවෙයි. රටට අහිමි කළේ වටිනා සම්පතක්. බොහෝ හදවත් සුවපත් කිරීමට ඇති ශක්තියක්. දරුවකුගේ අනාගතයකට නොමැකෙන අඳුරු මොහොතක් එක්කළ සිදුවීමක්.

කෙනකු සැක කිරීම, තනිව තීරණයක් ගැනීමට ඉඩ නොදීම, ආධිපත්‍යයට යටත් කරගැනීම. මේවා කෙනකුගේ අනාගතයට තහංචි දැමීමක් මිස එතැන ආදරයක් නොපවතී. කෙනකුට ආදරය කිරීම යනු ඔවුන්ගේ ජීවිතය පාලනය කිරීම නොවෙයි. ඇගේ දුරකතනය බලන්න ගමන් බලපත්‍රය බලන්න. මිතුරන් ඇසුරු කිරීම තහනම් කිරීම. මේවා ආදරයේ ලකුණු නොවෙයි. කෙනකුගේ ජීවිතයට තර්ජනයක් දැනේ නම් තමන්ගේ ආදරණීයයන්ට පවසා උපදෙසක් ලබාගන්න. පොලිසියට පැමිණිලි කරන්න. නිවසේ ආරක්ෂිත සැලැස්මක් ගොඩනගාගන්න. කෙනකු ප්‍රතික්ෂේප කරන විට එය පිළිගෙන මානසික උපදේශනයක් ලබාගැනීම ලැජ්ජා වියයුතු කාරණයක් නොවේ. ආදරය නම් අයිතිකාරීත්වයක් නොව ගරුකිරීමක්. නිදහස ලබාදීමක් බව අප මතක තබාගත යුතුයි.
-නිලන්ති රේණුකා

අරණායක දිප්පිටිය ප්‍රදේශයේ හෙද නිලධාරිනියක් එලෙස ඝාතනය කර තිබුණේ ඇගේ අනියම් පෙම්වතා විසින්. ඒ, තියුණු ආයුධයකින් පහර දීමෙන්. පසුගිය පළමු වැනිදා රාත්‍රී 7ට පමණ අදාළ ඝාතනය කළ පුද්ගලයා තියුණු ආයුධයක්ද සමග අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අරණායක නිකපිටිය උස්සාපිටියේ පදිංචි විනෝජ් පැතුම් අකලංක හීන්වැල්ල නමැති 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු විවාහක පුද්ගලයකු වන අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන පුද්ගලයෙක් බවටයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ. ඝාතනයට ලක්ව තිබුණේ අරණායක රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කළ රුවිනි මධුෂිකා නමැති 35 හැවිරිදි කාන්තාවකි. ඇය ජීවත්ව සිට තිබුණේ අරණායක දිප්පිටිය ප්‍රදේශයේ කුලී නිවසකයි. ඇයට වයස අවුරුදු 7ක පිරිමි දරුවකුද සිටින බවයි පොලිසිය පවසන්නේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka