gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය දිනා වසර 30 කට පසු ජයග්‍රහනයේ රහස ගැන අරවින්ද කතා කරයි

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා මේ මාර්තු 17 දිනට අවුරුදු 30 ක් ගතවෙයි.මේ ජයග්‍රහණය ගැන අදහස් දක්වන අරවින්ද ද සිල්වා පවසන්නේ ඒ පිටුපස තිබුණු හේතුව නම් කණ්ඩායමේ එකමුතුකම බවයි. මේ එකමුතු කම කොහොමද කිව්වොත් මාවන් අතපත්තු 96 කිසිම කටයුත්තකට එන්නෙ නැහැ. 

ඔහුත් ප්‍රමෝද්‍යත් මේ ජයග්‍රහණය වෙනුවෙන් කෝට්ටේන් ලැබුණු ඉඩම් කැබලි 14න් එක්කොට හදන තට්ටු නිවාස සංකීර්ණ ප්‍රොජෙක්ට් එකෙන් තමන්ගෙ ඉඩම් කුට්ටියේ ගාණ අරගෙන ඉවත් වුණා.

අර්ජුනයි අරවින්දයි තාමත් ඒ කාලෙ වගෙම එකමුතු වුණත් රොෂාන් මහානාමයි සනත් ජයසූරියයි එකිනෙකාගෙ මූණවත් බලන්නෙ නැහැ.ඒ අවුරුදු විස්සකට වැඩි කාලෙක ඉඳන්.අහිංසක උපුල් චන්දනව ජාතික පිලේ පන්දු රකින පුහුණුකරු කමින් එලවල දැම්මෙ සනත් ජයසූරියයි.ඊට කළින් කෙත්තාරාමෙ වැඩ කරද්දි උපුල්ට දිගටම කැපිල්ල දැම්මෙ අසංක ගුරුසිංහයි.

අරවින්දයි හෂානුයි හිත යටින් හොඳ නැහැ .පුෂ්පකුමාර නම් හැමෝම එක්ක කට්ට කමින් ෂේප් වෙලා ඉන්නවා.

අදටත් ඔය සෙට් එකේ දුප්පතා රවීන්ද්‍රයි.හොඳින් බිස්නස් කරගෙන ඉන්න නිසා කුමාර ධර්මසේන එක්ක ගොඩක් අය ඉන්නෙ ඉරිසියාවෙන්.මුරලිත් ඕනෙ කෙනෙකුට කියන්න තියෙන දේ කෙළින්ම කියන නිසා වැඩි දෙනෙකුට දිරවන්නෙ නෑ.

කළුවිතාරණත් හැමෝම එක්ක ආශ්‍රය කරන්නෙ තෝරා බේරා ගෙනයි.

අනූ හයේ ලෝක ශූරතාව දිනද්දි මෙයාල අතර හොඳ එකමුතුවක් තිබුණු බවට අරවින්ද කියන කතාව සත්‍යයක්.

ඒ වෙනෙකොට එයාලට එතරම් සල්ලි තිබුණෙ නැහැ.ඒත් බිස්නස් කරල සල්ලි උපයද්දි මෙයාලගෙ සමගිය නැතිවෙන්න පටන් ගත්තා.

නැවත වරක් ලෝක කුසලානයකට 96 කණ්ඩායම ක්‍රීඩා කළොත් දැන් ගහන කණ්ඩායමටත් වඩා අජූත විදියට පරදිනව සිකුරුයි.ඒ මුදලට ගිජු කම නිසා ඔවුන්ගෙ තිබුණු සමගිය, එකමුතු කම දැන් නැති නිසයි.ලංකාවෙ ක්‍රිකට් ගහනව කියන්නෙ ඩොලර් වලට වහලෙක් වෙන එකයි.වත්මන් පිලත් කට්ටි තුනකට බෙදිල ඉන්නෙත් ඩොලර් පෙරේතකම හින්දයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka