gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බරපතළ චෝදනා 2ක්! විදුලිබල ඇමැති කුමාර ජයකොඩිට විශ්වාසභංගය ලෑස්තියි! EXCLUSIVE

විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කොට ඇත. ප්‍රධාන කරුණු 2ක් මුල්කරගෙන ඒ මහතාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.

ඉන් පළමුවැන්න වී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම පසුගියදා මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී රජයට රුපියල් ලක්‍ෂ අසූඅටහමාරක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබිණ.

පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

දෙවැනි චෝදනාව වී ඇත්තේ බාල ගල්අගුරු ගෙන්වීම හේතුකොටගෙන රජයට බිලියන 8 ඉක්මවූ අලාභයක් විදින්නට සිදුව තිබීමය.

මේ දක්වා රටට ගෙනැවිත් ඇති ගල්අගුරු නැව්වලින් නැව් 10ක්ම බාල ඒවා බවට තහවුරු වී තිබීම නිසා එයද විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කිරීමට විපක්ෂය තීරණය කොට තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka