බොරු නම් නඩු දමනු ! “ඇමති නලින්ද ජයතිස්ස ඉන්දියාවේදී බඩු ගත්තේ Blacklist සමාගමක සල්ලිවලින්”! - විමල් වීරවංශ
වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය ඉන්දීය සංචාරයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතක් භාවිතා කර ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ බරපතල චෝදනාවක් එල්ල කරයි.
‘ගමත් එක්ක විමල්’ ජනහමුවකට එක්වෙමින් වීරවංශ මහතා සඳහන් කළේ, අදාළ බැංකු කාඩ්පත මෙරට අසාධු ලේඛනගත කරන ලද ඖෂධ සමාගමක හිමිකරුවෙකුට අයත් එකක් බවයි.
විමල් වීරවංශ පවසන ආකාරයට , සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර රුපියල් ලක්ෂ 10කට අධික බිල්පත් ගෙවා ඇත්තේ තමන්ගේ මුදලින් නොවේ.
එම බිල්පත් ගෙවීම සඳහා භාවිතා කර ඇත්තේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයාව සිටි සමයේ බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලබා මෙරට අසාධු ලේඛනගත කළ සමාගමක හිමිකරුවෙකුගේ බැංකු කාඩ්පතකි.
මෙම සිදුවීම හරහා වත්මන් රජය පවසන ‘පුනරුදය’ සහ පිරිසිදු දේශපාලනය ප්‍රශ්න කෙරෙන බව පෙන්වා දුන් වීරවංශ මහතා, අමාත්‍යවරයාට සෘජු අභියෝගයක් ද සිදු කළේය.
“මේ චෝදනාව බොරු නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම අභියෝග කරනවා. අමාත්‍යවරයා බඩු මිලදී ගත් සියලුම බිල්පත් සහ සාක්ෂි අරගෙන උසාවියට එන්න මම ලෑස්තියි.” යනුවෙන් වීරවංශ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
බොරු නම් නඩු දමනු ! “ඇමති නලින්ද ජයතිස්ස ඉන්දියාවේදී බඩු ගත්තේ Blacklist සමාගමක සල්ලිවලින්”! - විමල් වීරවංශ
2026-02-08T09:54:00+05:30
Gossip Lanka Hot News





