gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොසත් රටක් : ලස්සන ජීවිතයක් ! මාතලේට ‘රිළා රිසෝර්ට්’ එකක් – ලූප් දාලා කෑම බීමත් දෙනවා!

මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය හෙවත් ‘රිළා දූපත’ ඉදි කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් හෙක්ටයාර් 150ක භූමි භාගයක ඉදිවන මෙම ව්‍යාපෘතිය සඳහා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද හිමිව ඇත.

රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය තුළ රිළවුන්ට අවශ්‍ය ජලය සහ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් පරිදි පවතින අතර, අවශ්‍ය වුවහොත් පිටතින් ද ආහාර සැපයීමට පියවර ගැනෙන බවද වාර්තා වෙයි.

මෙම මධ්‍යස්ථානය සැලසුම් කර ඇත්තේ වගා හානි සිදු කරන රිළවුන් අල්ලා එහි රඳවා තැබීමට වන අතර, එහිදී විශේෂිත ආරක්ෂක විධිවිධාන යටතේ සතුන් යළි පළා යාම වැළැක්වීමට කටයුතු කරනු ඇත.

මීට අමතරව රිළා ගහනය පාලනය කිරීම සඳහා එහි සිටින ගැහැනු සතුන්ට ලූප පළඳවා විද්‍යාත්මක ක්‍රමවේදයකට උපත් පාලනය කිරීමට ද වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka