gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ පාලනය වෙනස්කරන බව ට්‍රප්ම් යළි අවධාරණය කරයි - ලොව විශාලතම යුද නෞකාව මැදපෙරදිගට යවයි

සිදුවිය හැකි හොඳම දෙය වන්නේ ඉරානයේ පාලන තන්ත්‍රයේ වෙනසක් වීම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, පූජකයන් විසින් මෙහෙයවනු ලබන ඉරාන පාලනාධිකාරිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ට්‍රම්ප්ගේ පැහැදිලි අනුමැතිය මෙමගින් පෙන්නුම් කරන බවයි.

“වසර 47ක් තිස්සේ ඔවුන් කතාකරමින්, කතාකරමින්, කතාකරමින් සිටියා. මේ අතර, අපට බොහෝ ජීවිත අහිමි වී තිබෙනවා,” ට්‍රම්ප් ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.

ඉරානයේ නායකත්වය හිමිවිය යුතු වන්නේ කාටදැයි නිශ්චිතව පැවසීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ නමුත්, එය භාරගත හැකි ‘මිනිසුන්’ සිටින බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉරානයේ වත්මන් පාලක එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි තවමත් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර, න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම සඳහා ඉරානයට පීඩනය එල්ල කිරීමේ අරමුණින් අමෙරිකාව මේ වනවිටත් ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් මැදපෙරදිග කලාපය වෙත යොමුකර ඇත.

ලොව විශාලතම යුද නෞකාව සහ නවතම එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ්, කැරිබියන් කලාපයේ සිට මැදපෙරදිගට ඉතා ඉක්මනින් ගෙන යන බව ට්‍රම්ප් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka