gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලෙයි ට එල්ල කරන චෝදනා මෙන්න

පසුගිය 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා පහ පිළිබඳ තොරතුරු වාර්තා වේ. 

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්‍රණ සහ සාක්ෂි වසන් කිරීමේ ක්‍රියාවලියට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වූ කරුණු මෙසේය.

*යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු හරහා සැකකටයුතු තරුණයන් පිරිසක් යොදාගෙන මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන පිළිබඳ රහසිගත දත්ත එක්රැස් කිරීමට කටයුතු කිරීම.

*සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් නමැත්තිය මියගිය බවට අසත්‍ය මතයක් තහවුරු කිරීමට සෘජුව මැදිහත් වීම සහ ඇය පිළිබඳ තොරතුරු වසන් කිරීම.

*ප්‍රහාරකයින් පිළිබඳ තොරතුරු හෙළිවන අවස්ථාවේදී ඒවා යටපත් කිරීමට සහ විමර්ශන ක්‍රියාවලිය අවහිර කිරීමට සෘජුව හෝ වක්‍රව මැදිහත් වීම.

*මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම හරහා ත්‍රස්ත කටයුතුවලට අනුබල දීම.

*සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම.

පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවේ. 

ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා අනාවරණය වන කරුණු මත පාස්කු ප්‍රහාරයේ තවත් සුලමුල සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka