gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් සහ ක්‍රිකට් පරිපාලනයේ පවතින දුර්වලතා විවේචනය කරමින් ලබන පෙබරවාරි 08 වනදා සිට ක්‍රීඩාංගණවලින් බැහැරව සිටීමේ විරෝධතා ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ආරම්භ වී තිබේ.

මෙය කණ්ඩායමට එරෙහි වෛරී සහගත ප්‍රකාශයක් නොව, පවතින අසාර්ථක පද්ධතියට (System) එරෙහිව ගොඩනැගුණු සාධාරණ විරෝධයක් බව එම පණිවිඩවල දැක්වේ. දක්ෂ ක්‍රීඩකයන් බංකුවල සිටියදී දක්ෂතා අතර නොමැති ක්‍රීඩකයන් දිගින් දිගටම සංචිතයේ තබා ගැනීම සහ ලෝක කුසලානයක් අභියස තිබියදීත් වගකීමකින් තොරව ක්‍රීඩා කිරීම මෙලෙස ප්‍රේක්ෂක දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

"Ground එක හිස් කරමු" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය මගින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, සමාජ මාධ්‍ය හරහා ලබාදෙන අනවශ්‍ය ප්‍රසිද්ධිය නතර කරන ලෙසත්ය. 

පරාජය වුවද සටන්කාමී ක්‍රීඩා විලාසයක් නොමැති වීම සහ පාසල් මට්ටමේ වැරදි නැවත නැවතත් සිදුවීම පිළිබඳව ප්‍රශ්න කළ යුතු කාලය එළඹ ඇති බව ප්‍රේක්ෂකයෝ පෙන්වා දෙති. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ජාතියක් ලෙස තවදුරටත් රැවටීමට සූදානම් නැති බව බලධාරීන්ට පෙන්වා දීම සඳහා මෙම "Empty the Stadium" විරෝධතාවයට එක්වන ලෙසට ක්‍රිකට් ලෝලීන් අතර අදහස් හුවමාරු වෙමින් පවතී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka