gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් වර්ජනය ගැන ෂම්මිගෙන් පාකිස්ථානයට දැඩි විවේචනයක් : කළගුණ නොසැලකීම ගැනත් අප්‍රසාදය!

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ලබන පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු - පකිස්තාන මහා තරගය වර්ජනය කිරීමට පකිස්තාන රජය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. 

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පකිස්තානය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දී සිටි අසීරු අවස්ථාවලදී පවා ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම නොතකා එරට සංචාරය කරමින් ලබා දුන් සහාය පකිස්තානය මේ වන විට අමතක කර ඇති බවයි.

මෙම වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම මෙරට ආර්ථිකයට ද දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුවන බව ෂම්මි සිල්වා මහතා පෙන්වා දෙයි. 

ඉහළ ඉල්ලුමක් සහිත ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබීමට තිබූ ආදායම මෙන්ම මෙරට සංචාරක ක්ෂේත්‍රයට අපේක්ෂිත ප්‍රබල දායකත්වය ද මෙමගින් අහිමි වන බව ඔහු අවධාරණය කළේය. තරගය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක සහ වාණිජ කටයුතු සූදානම් කර තිබියදී පකිස්තානය ගත් මෙම හදිසි තීරණය ක්‍රීඩාලෝලීන්ගේ දැඩි බලාපොරොත්තු කඩාකප්පල් කිරීමක් බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka