JR යුගයෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයට හෙලිකොප්ටර බස්සයි!
මහනුවර ජනාධිපති මන්දිරය පිටුපස පිහිටි විවෘත භූමියට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ගොඩබැස්විය හැකිද යන්න පරීක්ෂා කිරීම සඳහා වූ විශේෂ පෙරහුරුවක් ඊයේ පවත්වා ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.
ඊයේ පෙරවරුවේ පැය දෙකකට ආසන්න කාලයක් මහනුවර නගරයට ඉහළින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා කිහිපයක් පියාසර කිරීම හේතුවෙන් නගරවාසීන් අතර යම් කුතුහලයක් හටගෙන තිබූ අතර, බොහෝ පිරිසක් ඒ පිළිබඳව විමසීම් කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) මහනුවර නගරයේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සඳහා පැමිණීමට නියමිතව ඇත.
එහිදී රුපියල් මිලියන 699.9ක වියදමින් ඉදිවන නව මහයියාව උමං මාර්ග ව්‍යාපෘතියට මුල්ගල් තැබීම සහ යුරෝ මිලියන 40ක වියදමින් ඉදිකිරීම් අතරමග නැවතී තිබූ ගැටඹේ ගුවන් පාලම් ව්‍යාපෘතියේ වැඩකටයුතු යළි ආරම්භ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකිරීමට නියමිතය.
ජනාධිපතිවරයා අද දින හෙලිකොප්ටර් යානයකින් මහනුවර බලා පැමිණෙන්නේ නම්, මන්දිරයෙන් පිටත ස්ථානයකට වෙනුවට සෘජුවම ජනාධිපති මන්දිර භූමියටම ගොඩබැස්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා මෙම පෙරහුරුව පවත්වා ඇතැයිද වාර්තාව පවසයි.
මීට පෙර මෙම භූමිය හෙලිකොප්ටර් ගොඩබැස්වීම සඳහා භාවිත කර ඇත්තේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පමණි.
ඉන් අනතුරුව මහනුවරට පැමිණි සියලුම ජනාධිපතිවරුන් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් මගින් පැමිණ, එතැන් සිට නිල රථ මගින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.
මේ පුවත තව අයට බලන්න
JR යුගයෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයට හෙලිකොප්ටර බස්සයි!
2026-02-06T10:05:00+05:30
Gossip Lanka Hot News





