gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියලාගේ කාලේ බෙහෙත් මගඩි - ලියාපදිංචි නැති සැපැයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කළ බලපෑම් උසාවියේදී හෙළිවේ

ඖෂධ ආනයනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී නොමැති ආයතනවලින් (සැපැයුම්කරුවන්ගෙන්) ඖෂධ මිලදී ගැනීම සඳහා විශේෂ ශීඝ්‍රගාමී ක්‍රමවේදයක් සම්බන්ධයෙන් මෙම නඩුවේ 12 වන විත්තිකරු එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හයවන විත්තිකරු වෙත ඉල්ලීමක් කොට තිබූ බවත්, තමා එම ලිපිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගැයීම් නිලධාරිනියක ලෙස රාජකාරි කරන නිෂානි ලංකා කරුණාතිලක ඊයේ (11දා) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

එම ඉල්ලීම කළ එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකාර වෛද්‍ය විජිත් ගුණසේකර මෙන්ම එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හයවන විත්තිකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ද අධිකරණයේ විත්තිකූඩුවේ සිටින්නේ යැයි ද එම සාක්‍ෂිකාරිය දෙවන දිනටත් පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (11දා) ප්‍රියන්ත ලියනගේ, මිරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැත්විණි.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ එම සාක්‍ෂිකාරිය සාක්ෂි ලබාදුන්නාය.

නි/සො/ජනරාල්වරිය : ඔබතුමිය පෙර දිනයේදී සාක්‍ෂි ලබාදෙමින් කීවා ඔබ ඔය තනතුරේ රාජකාරි භාරගත් පසුව ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඔබගේ නව රාජකාරියට අදාළ වගකීම් පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා ඖෂධ ඇණවුම් සඳහා ඉදිරිපත් වන ලිපිගොනු අධීක්ෂණය කළා කියලා.

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමීනි.

නි/සො. ජනරාල්වරිය : ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැතිව ඖෂධ ආනයනය කිරීම සඳහා තිබූ කාර්ය පටිපාටියක් ඔබ නිරීක්‍ෂණය කළා කීවනේ. පැමිණිල්ලේ 67 සාක්‍ෂිය ලෙස නම්කර ඇති ගොනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සිදුකළේ ඔබ කියලා කීවනේ. ඔබටත් ලේඛනය, ලිපිය දුටුවොත් හඳුනාගන්න පුළුවන් ද?

විත්තියේ නීතිඥවරයා : එම ලේඛනයේ මුල් ලේඛනය තිබෙනවා ද?

නි/සො/ජනරාල් ලක්මිණි ගිරිභාගම : ඔව් ඒක අධිකරණය හමුවේ ලකුණු කරලා තියෙන්නේ. ඔබතුමිය පෙර සඳහන් කළ හයවන හා 12 වන විත්තිකරුවන් අඳුරනවා ද? ඔවුන්ගේ අත්සන් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා ද?

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමීනි. පෙර මා සඳහන් කළ ලිපිය මගින් 12 වන විත්තිකරු හයවන විත්තිකරුගෙන් ලියාපදිංචිය මඟහැර ඖෂධ ලබාගැනීම සඳහා පෙර කී විශේෂ ශීඝ්‍රගාමී ක්‍රමවේදය හඳුන්වාදීමට අනුමැතිය ඉල්ලා තිබුණා. කුමන ආයතනයක් මගින් එම ඖෂධ ආනයනය කරන්නේ ද කියලා එහි සඳහන් කර තිබුණේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ විශේෂ අවස්ථාවලදී එකී නව ක්‍රමවේදය යටතේ මිලදී ගැනීමටයි එමගින් අවසර ඉල්ලා තිබුණේ. එම ලිපිය ලැබුණු පසු හිටපු සෞඛ්‍ය ලේකම්තුමා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස රාජකාරි කළ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත සටහනක් යොදා තිබුණා, එකී ඉල්ලීම ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම නඩුවේ දසවන විත්තිකරු ලෙස මෙම අධිකරණයේ සිටිනවා.

නි/සො/ජනරාල්වරිය : 10 වන චූදිත වන වෛද්‍ය සමන් රත්නායක මහතා ලබාදී තිබෙන නිර්දේශය ඔබට කියවන්න පුළුවන් ද?

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමීනි, මෙම අවස්ථාවේදී සාක්‍ෂිකාරිය සාක්‍ෂි කූඩුවේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර තිබූ එම නිර්දේශ කියවා ප්‍රකාශ කළාය.

නි/සො/ජනරාල්වරිය : එහි සිංහල තේරුම මොකක්ද?

සාක්‍ෂිකාරිය : එතුමා නිර්දේශ කර තිබෙන්නේ අභ්‍යන්තර විශේෂ ශීඝ්‍රගාමී ක්‍රමවේදය මාස හයක කාලයකට යටත්ව ක්‍රියාත්මක කිරීමටයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයට යටත්ව ක්‍රියාත්මක කළ යුතු බවටත් එතුමා එමගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබුණා

නි/සො/ජනරාල්වරිය : ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන චූදිත යම් සටහනක් තබා තිබුණා නේද?

සාක්‍ෂිකාරිය : ඔව් ස්වාමීනි, එතුමා නීති නිලධාරිනියට හා පරිපාලන නිලධාරිනියට දන්වා තිබුණා ඒ පිළිබඳව අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලෙසට. ඖෂධ නියාමන අධිකාරිය මගින් සකස් කර ඇති මාර්ගෝපදේශ මත කොන්දේසිවලට යටත්ව, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ සඳහා ඉල්ලුම් කිරීම් සිදුකළ යුතු බවත් එහි සඳහන්ව තිබුණා.

ඇගැයීම් කමිටුවේ නිර්දේශ මත ලියාපදිංචිය ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඖෂධ සැපැයුම්කරුවන්ට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හා අවසරය ලබාදෙන බව ද විවෘත අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවැසූ එම සාක්‍ෂිකාරිය වෙත ලිපිගොනු හා ලේඛන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, සාක්‍ෂිකාරිය නියෝජනය කළ ඇගැයීම් කමිටුවේ ලේඛන විශාල ප්‍රමාණයක් අධිකරණය හමුවේ ලකුණු කිරීමට ද පියවර ගත්තාය.

දින දෙකක් පුරා පැවැති එම සාක්‍ෂිකාරියගේ මූලික සාක්‍ෂි විමසීම තෙවන දිනටත් අද (12දා) දක්වා කල්තැබීමට විනිසුරු මඬුල්ල විසින් නියෝග කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රධාන කොට එම සාක්‍ෂිකාරිය මගින් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති සාක්‍ෂි සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන, සාක්‍ෂි අධිකරණය හමුවේ සලකුණු කිරීමට උත්සුකවීම නිසා පෙර දිනවල මෙන් දෙපාර්ශ්වය අතර වාද විවාද මතගැටුම් ගෙවුණු දින දෙක තුළ මතුනොවීම විශේෂත්වයක් ලෙස දැක්විය යුතුයි.

වැඩිදුර විභාගය අද දක්වා කල්තැබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka