යුද හමුදා ලොක්කෙකුට හමුදාවෙන් ලබා දී ඇති රථයක් පුෂ්පදාන බාලිකාවේ ගේට්ටුව කුඩු කර මුරකරුට තුවාල සිදුකරලා… රථය පැදවූයේ කාන්තාවක්දැයි සැකයක්!
යුද හමුදාවට අයත් කාර් රථයක් පසුපසට ධාවනය වී මහනුවර පුෂ්පදාන විදුහලේ ප්‍රධාන ගේට්ටුවේ ගැටී සිදුවු අනතුරකින් තුවාල ලැබූ එම විදුහලේ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර 10 දා දහවල් සිදුව තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථය පැදවූයේ කාන්තාවක් බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් ඇත.
කාර් රථය විදුහල් ගේට්ටුවේ ගැටීමෙන් පසු මෝටර් රථයේ සිටි කාන්තාවක් ඉන් බැස දිවයන අතර රථය පැදවූයේ ඇය විසින් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ සැකයක් මතුව තිබේ.
අනතුර සිදුවන අයුරු පුෂ්පදාන විද්‍යාලීය සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන අතර රිය පැදවූයේ තමන් බව කියමින් හමුදා භටයෙකු පොලීසියට භාරවී ඇත.
යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ හා දරුවන්ගේ ගමන් බිමන් සඳහා මෙම කාර් රථය නිල වශයෙන් ලබාදී තිබෙන බව පොලීසිය පවසයි.
යුද හමුදාව මගින් මෙලෙස කාර් රථයක් ලබාදෙන්නේ රියදුරුද සමඟ බැවින් නිත්‍යානුකූලව එවැනි රථයක් වෙනත් අයෙකුට පැදවිය නොහැකිය. එසේ තිබියදී මෙම මෝටර් රථය කාන්තාවක් විසින් පැදවූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පුෂ්පදාන මාවතේ ඉහළට ගමන් ගනිමින් තිබූ කාර් රථයේ ටයරයක ඇතිවූ දෝෂයක් සොයා බැලීම සඳහා රියෙන් බැස්ස අවස්ථාවේ රථය පිටුපසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුවූ බවට පොලීසියට භාරවූ යුධ හමුදා සෙබළා පැවසූ බව මහනුවර පොලීසියේ රථ වාහන අංශය පවසයි.
ඔහු කළ ප්‍රකාශය සත්‍යයද යන්න සම්බන්ධයෙන් සි.සි.ටි.වී දර්ශන මගින් තව දුරටත් තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් යම් හෙයකින් ඔහු අසත්‍යයක් ප්‍රකාශ කර තිබෙන බව හෙළි වුවහොත් ඒ සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.
මේ පුවත තව අයට බලන්න
යුද හමුදා ලොක්කෙකුට හමුදාවෙන් ලබා දී ඇති රථයක් පුෂ්පදාන බාලිකාවේ ගේට්ටුව කුඩු කර මුරකරුට තුවාල සිදුකරලා… රථය පැදවූයේ කාන්තාවක්දැයි සැකයක්!
2026-02-12T11:01:00+05:30
Gossip Lanka Hot News





