gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන්වලින් දේශපාලකයෝ මතුවේ - විමර්ශන දැනටමත් අරඹලා!

රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව තිබූ දුරකථන 30ක දත්ත ඇසුරින් ඔවුන් සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, අදාළ දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට සාර්ථකව සිදුවන බවත් මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

“කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා. ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා. සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka