gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සවල් සිද්ධියේ සැකකරුවන් 16 දක්වා රිමාන්ඩ් - පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාස භාරයට (Video)

රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (11) නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ, වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණු පිරිස අතරට ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ද අයත් වන අතර, ළාබාල වයසේ පසුවන එම පුත්‍රයා සහ තවත් අයෙක් පරිවාස භාරයට පත්කරනු ලැබුවා.

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශය හරහා යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වනු ලැබුවා.

පහර කෑමට ලක් වූ ත්‍රි රෝද රථ රියැදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කෙරුණා.

මෙම සිද්ධිය මීට මාස තුනකට පමණ පෙරදී සිදුව ඇති බවත් සැකකරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය වී ඇති බැවින් ඔවුන් පෙරෙට්ටුවකට ඉදිරිපත් නොකරන ලෙසත් ඔවුන් ඇප මත මුදා හරින ලෙසත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදුකළා.

පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරනු ලැබුවා.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka