gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනා එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ  ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ල මහතා නියෝග කළේය. 
මෙසේ ඇප නියම වූයේ නැගෙනහිර භික්ෂු පෙරමුණේ සභාපති ෙය බළන්ගොඩ කස්සප, ත‍්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත‍්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත‍්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නිලාවේලි බොරලූකන්ද රජමහ විහාරාධිකාරී ත‍්‍රිකුණාමලයේ සුඛිතවංස තිස්ස, ත‍්‍රිකුණාමලය සිරිමාපුර ආනන්දාරාම විහාරවාසී ත‍්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරු හා සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකුගලප්පත්ති, සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක, ත‍්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්. දීපානි, ඩික්මන් ජයරත්න, එම්.සී. පියල් හේමසිරි, ලියනගේ තිලක් පෙරේරා නමැත්තන්ටය.

(අමදෝරු අමරජිව)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka