මාලිමා ප්‍රතිපත්තිය කඩා ලොක්කෙුට සේවා දිගුවක්!
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ම පුටුවකට ඉල්ලූ සේවා දිගුව මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව ලබා දීමට යන බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය හරහා අදාළ සේවා දිගුව ලැබීමට අපේක්ෂිත ඉහළ නිලධාරියා රාජ්‍ය සේවා කොමිසමෙන් මීට පෙර අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලූ විට මාස තුනක සේවා දිගුවක්ද ලබාදී තිබෙන බවද සඳහන් වේ.
වර්තමානයේදී රාජ්‍ය සේවා කොමිසම රාජ්‍ය සේවයේ කිසිම පුද්ගලයකුට සේවා දිගු ලබා නොදෙන අතර රජයේ ප්‍රතිපත්තියක් නිසා ඒ පියවර ගන්නා බව ද අනාවරණය වේ.
මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සේවා දිගු නොදෙන බව සඳහන් කර තිබෙන බව ත් පහළ තනතුරුවල සිටින අයට කඩිනමින් ඉහළ තනතුරු ලබා ගැනීමට හැකි වීම සඳහා එම තීරණය ගෙන ඇති බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Mawbima
මේ පුවත තව අයට බලන්න
මාලිමා ප්‍රතිපත්තිය කඩා ලොක්කෙුට සේවා දිගුවක්!
2026-02-05T18:36:00+05:30
Gossip Lanka Hot News





