gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පද්මේ සමග සබදතා... දේශපාලඥයන් හයක් CID කැදවයි... මන්ත‍්‍රීනියක්ද ඒ අතර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්ම’ නමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් හයදෙනකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට නියමිතය. 

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම පිරිස අතර හිටපු ප්‍රබල මන්ත්‍රීවරියක ද සිටින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වූ තොරතුරු මත මෙම පියවර ගෙන ඇත. අදාළ දේශපාලනඥයන් කෙහෙල්බද්දර පද්ම සමග ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට දැනටමත් තොරතුරු අනාවරණය වී තිබේ. ඔවුන් අතර මූල්‍ය ගනුදෙනු සිදුවී තිබේද සහ යම් අපරාධ සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. මේ අතර, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ද ඊයේ (2) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ඉන්දුනීසියානු පොලිසියේ සහය ඇතිව මෙරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කෙහෙල්බද්දර පද්ම, බැකෝ සමන්, පානදුරේ නිලංග, කොමාන්ඩෝ සලින්ද සහ තැඹිලි ලහිරු යන සැකකරුවන් එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූහ. ඉන් අනතුරුව, කෙහෙල්බද්දර පද්ම ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, සෙසු දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයටත් භාර දී ඇත.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ‘ගණේමුල්ල සංජීව’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ ද කෙහෙල්බද්දර පද්ම විසින් බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. එම ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් රැසක් මේ වන විටත් පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka