gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කර තිබේ.

මෙම නඩු ද්විත්වය 2008 වර්ෂයේ සිට මන්ත්‍රීවරයාට එරෙහිව පවති.

මීට පෙර මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත. 

එදින ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ඉඩම් බෙදාදීමේ රජයේ නිල වැඩසටහනකට සහභාගී වීම නිසා තම සේවාදායකයාට පැමිණිය නොහැකි වූ බවයි.

එසේ වුවද, අද (02) දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ද සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය මඟහැර සිටීම හේතුවෙන්, ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka