gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල ආසන්න ජනතාවට පිළිකා අවදානමක්!

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව් නවයකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අඩංගු බවට තහවුරු වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් රජයට රුපියල් මිලියන 8000කට ආසන්න මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත්, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බවත් එම පැමිණිල්ල මගින් අවධාරණය කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ පැවසීය:

"අල්ලස් කොමිසම ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කළද, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ සිදුවීම්වලදී එම කොමිසම ගන්නා තීරණ පිළිබඳව ජනතාව ප්‍රශ්න කරමින් සිටිනවා. මෙම ගල් අඟුරු ගනුදෙනුවට වගකිව යුතු සියලු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. එවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමට අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලැබෙනු ඇති."

ආර්ථික හා බලශක්ති ක්ෂේත්‍රයට සිදුව ඇති හානියට අමතරව, මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා අදාළ ප්‍රදේශවල ජීවත් වන ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකට පිළිකා රෝග වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එම සෞඛ්‍යමය බලපෑම සලකා හෝ මෙම සිදුවීම සුළුකොට තැකීමට අල්ලස් කොමිසමට නොහැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka