gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ්ලැක් ලිස්ට් සමාගමක හිමිකරුගේ කාඩ් එකෙන් නලින්ද බඩු අරන්..- නිරෝෂන් - බිලියනක් දෙන්න..- නලින්ද

මෙරට අසාදු ලේඛනගත කරන ලද සමාගමක හිමිකරුවකුට අයත් බැංකු කාඩ්පතක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් භාවිත කර ඇති බවට වාර්තා පළවන බව සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර අදාළ කාඩ්පත භාවිත කරමින් රුපියල් මිලියනයකට අධික ගනුදෙනු සිදුකර ඇති බවට චෝදනා එල්ල වන බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාදුක්ක මහතා මෙසේද පැවසීය.

"අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දියාවේ කළ සංචාරයකදී අසාදු ලේඛනගත කළ සමාගමක හිමිකරුවකුගේ කාඩ්පතක් පාවිච්චි කර ඇති බවට තොරතුරු පල වෙනවා. එමඟින් මිලියන ගණනක ගනුදෙනු සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. මෙම චෝදනා අසත්‍ය නම්, වහාම ඒ පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා."

කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ සම්බන්ධයෙන් නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇත.

පාදුක්ක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී අසත්‍ය ප‍්‍රකාශයක් කලේ යයි පවසන ඇමතිවරයා අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිතා කර නොමැති අතර මෙය ද්වේශසහගතව නිර්මාණය කරන ලද අසත්‍ය චෝදනාවක් බවත් කියා සිටී.

ඒ අනුව අදාල බිලියනයක මුදල දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka