gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරු ආගමික නායකත්වය අපහාසයට ලක්කිරීම හෙළා දැකිය යුතුයි – කාදිනල් හිමිපාණෝ

රජයේ ඇතැම් ඇමතිවරුන් ආගමික නායකත්වය අපහාසයට ලක් කරමින් සිදු කරන ප්‍රකාශ හෙළා දැකිය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ තියුණු ප්‍රවණතාවයක් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින් ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇති බවත් එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බවත් උන්වහන්සේ අවධාරණයෙන් පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් මේ බව අවධාරණය කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ තවදුරටත් කියා සිටියේ මෙරට දේශපාලන නායකයින් කොපමණ පොරොන්දු දුන්නද ජනතාව තවමත් සිටින්නේ ඉතා අවදානම් අඩියක බවයි.

නිදහස ලැබූ අවධියේ විදේශීය නායකත්වය ඉවත් කර මෙරට පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති, සම්ප්‍රදායන් සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වූ බව උන්වහන්සේ සිහිපත් කරති.

මේ රට එදා සෑම දේකින්ම ස්වයංපෝෂිතව සිටියත් අද වන විට ඇල්පෙනිත්තක සිට නැවක් දක්වා සියල්ල පිටරටින් ගෙන්වීමේ පිළිවෙතකට පත්ව තිබෙන බවත් නිදහස් වෙළඳ ආර්ථිකය හා ගෝලීයකරණය සැහැසී අයුරින් ඇතුල් කිරීම තුළ දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka