gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම පත්තර බලන්නේ නෑ, ඕවා ගැන දන්නෙත් නෑ – මෛත්‍රීපාල

වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ දෙවසරක පාලන කාලය පිළිබඳව තමන්ට නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ පිළිබඳව සැබෑ තත්ත්වය දැන ගැනීමට නම් සාමාන්‍ය ජනතාවගෙන් විමසන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමන් වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව එතරම් අවධානය යොමු නොකරන බවයි.

“ඇත්තටම මම නම් එච්චර ඕවා ගැන දන්නේ නැහැ. මම එච්චර පත්තර, මාධ්‍ය බලන්නේ නැහැ. ඒ නිසා මට ඒ ගැන මුකුත් ආරංචියක් නැහැ,” යනුවෙන් ඔහු එහිදී පිළිතුරු ලබාදුන්නා.

එමෙන්ම වසර දෙකක් වූ වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට සෑහීමකට පත්වීමට හැකිද යනුවෙන් මාධ්‍යවේදියෙක්  විමසා සිටි අතර  ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,  ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය විමසිය යුත්තේ පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් බවයි.

“ඒක අහන්න ඕනේ පාරේ බස් හෝල්ට් එකේ ඉන්න, රෝහලකින් බෙහෙත් ගන්න එන ජනතාවගෙන්. ඒ අයගෙන් ඇහුවම හොඳ නරක කියයි,”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka