gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප‍්‍රහාර සාක්‍ෂි මතයි - පොලිසිය

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ සාක්ෂි පදනම් කරගනිමින්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පොලිස් භාරයට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදනවලට අනුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කලේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු සහ විමර්ශනවල ඉදිරි තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන අතර, සංකීර්ණ විමර්ශනයක් බැවින් ක්ෂණිකව කරුණු ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් පවතින බවය.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, වගකිවයුතු නිලධාරියෙකු අත්අඩංගුවට නොගත්තේ නම් ඒ පිළිබඳව පොලීසියට එරෙහිව දැඩි ජනතා විරෝධයක් එල්ල වීමට ඉඩ තිබූ බව සඳහන් කළේය.

මෙම ප්‍රශ්න කිරීම් හරහා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනා ගැනීමට අවශ්‍ය තීරණාත්මක තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පවතින නීතිමය රාමුව තුළ සැකකරුවෙකු දින තුනක් රඳවා තබා ගැනීමට අවසර ඇති බවයි. 

එම කාලසීමාවෙන් පසුව ඉදිරිපත් වන සාක්ෂිවල ස්වභාවය සලකා බලා, අධිකරණමය නියෝග මත තවදුරටත් රඳවා තබා ගැනීමේ නෛතික හැකියාව පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka