gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජරා සහල් වලින් ජොනී අරක්කු හදලා - බිව්වොත් නැති ලෙඩත් බෝ වෙනවා!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සමූපකාර, අභ්‍යන්තර,වෙළද කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු,මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යොදාගෙන,අරක්කු නිෂ්පාදනය කර,රට පුරා බෙදා හැර ඇති බව,කරන ලද පරීක්ෂණයකින් කරුණු තහවුරු වී ඇත.

මෙම අරක්කු පානය කරන අයට, ඉන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බවද, ප්‍රකාශවේ.

එපමණක් නොව,අරක්කු නිෂ්පාදනය කර, අලෙවි කිරීමට මුවා වී,කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක්ද, ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා,එකතු වී සිදුකර ඇති බවට ද මෙම පරීක්ෂණයෙන් කරුණු ඉස්මතු වී ඇත.

හෙළිවී ඇති කරුණුවලට අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත්,Astadik Overseas Lanka Pvt Ltd නැමති ආයතනය යොදාගෙන මෙම ක්‍රියාකාරකම් සිදුකර ඇත.

එම ආයතනය 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ 2006 මැයි මස 10 වැනිදා, N / PVS / 46139 අංකය යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත.

පසුව නැවතත් ලියා පදිංචිය වෙනස් කර ඇත.ඒ 2010.10.7. වැනිදාය. එහි අලුත් ලියාපදිංචි අංකය PV 19497 ලෙස සඳහන්වේ. එය 2007 අංක 7 දරණ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ සිදුකර ඇත.

වත්තල,හැඳල,කෙරවලපිටිය,අංක 396 දරණ ස්ථානයේ ලිපිනය යොදා ගෙන ලියාපදිංචි කර ඇති එම ආයතනය, සුවඳ විලවුන් සහ පිරිසිදු කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මුවා වී,
සුරාබදු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ව්‍යාජ කූට ලේඛන ඉදිරිපත් කර සුරාබදු බලපත්‍රයක්ද ලබාගෙන ඇත.

එම බලපත්‍රය උපයෝගී කරගෙන එතනෝල් ලීටර් 60,000 ක් විදේශ රටකින්ද ,තවත් එතනෝල් ලීටර් 40,000 ක් දේශීය ආයතනයකින්ද මිලදී ගැනීමට කටයුතු කර ඇත.

නමුත් කිසිදු අවස්ථාවක එතනෝල් යොදාගෙන සුවඳ විලවුන් හෝ පිරිසිදු කාරක ද්‍රව්‍ය එම ආයතනය තුළ නිෂ්පාදනය කර නැත.

එපමණක් නොව,වත්තල,හැඳල,
කෙරවලපිටිය ,අංක 396 දරණ ස්ථානයේ එවැනි ආයතනයක්ද තිබී නැත. එහි පිහිටා තිබී ඇත්තේ, පළතුරු බීම නිෂ්පාදනය කරන ආයතනයකි.

පසුව එම ලිපිනයද වෙනස් කර ඇත. එහි අලුත් ලිපිනය ලෙස, අංක 18 / A, අමරසේකර මාවත, කොළඹ 5, යනුවෙන් යොදා ඇත.

එම ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල, එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, යහපාලනය ආණ්ඩුවේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජය කළා මහේෂ්වරන්ට අයත් එකකි.

ඇය ගෙන් එම ගොඩනැගිල්ල, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත්,ජොහාන් ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු විසින්,රුපියල් 1,25,000 ක මාසික කුලියට ලබාගෙන ඇත.

මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත්, ‍ ව්‍යාපාරික කටයුතුවල මෙහෙයුම් නිලධාරියා ලෙස ක්‍රියාකර ඇත්තේ, ඇන්ටන් රෝනල්ඩ් සෙබස්තියන් නැමති අයෙකි.

මෙහි පවත්වාගෙන ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනාට අයත්, Astadik Overseas Lanka Pvt Ltd නැමැති ආයතනයේ බැංකු ගිණුම් වලට අවස්ථා 5 කදී , සිංගප්පූරුව සහ හොංකොං යන රට වලින් රුපියල්, 4,24,45,488 ක මුදලක් ලැබී ඇත.

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත්,ආයතනය විසින් සුවඳ විලවුන්,නිෂ්පාදනය කර, එම රටවල වෙළඳපොළට අපනයනය කර,විකුණූ මුදල් එලෙස බැංකු ගිණුම් වලට ලැබී ඇති බවට, අදාල ලේඛන වල සඳහන් වී ඇත.

නමුත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කරන ලද පරීක්ෂණ වලින් කරුණූ, අනාවරණය වී ඇත්තේ,එම ආයතනය මගින් කිසිදු අවස්ථාවක, සුවඳ විලවුන්,නිෂ්පාදනය කර, විදේශ වෙළඳපොළට අපනයනය කිරීමක් සිදුකර නැති බවය.

එසේම,සිංගප්පූරුවේ 3 - Zane Agency ආයතනය, හොංකොං රාජ්‍යයේ Reliance Trades සමාගම, හා සිංගප්පූරුවේ Jon Mark Asia Pacific සමාගම, යන ආයතන වලින් ද, 2014.02.24. වැනි දින ඇමරිකන් ඩොලර් 56,821.15 ක්,හා ඇමරිකන් ඩොලර් 3,17,558.20.ක් , යනාදි වශයෙන් ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ ආයතන ගිණුම් වලට ලැබී ඇත.

එම ආයතන වලට සුවඳ විලවුන් සැපයීම වෙනුවෙන් , අදාළ මුදල් ලැබී ඇති බව සඳහන් වුවද, කිසිදු අවස්ථාවක එවැනි, නිෂ්පාදන අපනයනයක් සිදුවී නැති බවට පරීක්ෂණවලින් කරුණු තහවුරු වී ඇත.

එසේ නම් ,විදේශ රටවල් වලින් මෙලෙස ලැබුණු ,මෙම මුදල් කිසියම් කූට ගනුදෙනුවක කළු සල්ලි විය හැකි බව පරීක්ෂණ අංශවල සැකයට භාජනය වී තිබේ. තවදුරටත් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

එසේම,දේශීය වශයෙනුත්, එම ආයතනයේ ගිණුම් වලට තවත් රුපියල්, 1,33,86,550 ක මුදලක් බැර වී ඇත.ඒවා ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමල් පුත් ජොහාන් ප්‍රනාන්දු විසින්, ලබා දී, ආයතනයේ මෙහෙයුම් නිලධාරී ඇන්ටන් රෝලන්ඩ් සෙබස්තියන් විසින් බැංකුවේ තැන්පත් කර ඇති මුදල්ය.

එපමණක් නොව, ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ ආයතනය විසින්,ඉන්දියාවේ සිට ද ,එතනෝල් ලංකාවට ආනයනය කර ඇති බව කියැවෙයි. ඒ වෙනුවෙන්, ඉන්දීය ආයතනයට රුපියල් 4,37,8440 ක මුදලක් ගෙවා ඇත.

එම මුදල් ගෙවා ඇත්තේ, D.C.I. Trading Pvt Ltd නැමැති ආයතනයේ බැංකු ගිණුමකිනි.

එම ආයතනය මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල්, මිලදී ගෙන අරක්කු නිෂ්පාදනය කරන, ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ආයතනයකි.

එම ආයතනය දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් මිලදී ගෙන අරක්කු නිෂ්පාදනය කර,වෙළඳ පොළට නිකුත් කර ඇත. ඒවා පානය කළ බොහෝ පිරිසක් විවිධ රෝගාබාධ වලට පවා ගොදුරු වී ඇති බව අනාවරණයවේ.

මෙම වැඩ කටයුතු බාරව ක්‍රියාකර ඇත්තේ ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන මොහොමඩ් ශාකීර්ය.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමල් පුත්, ජොහාන් ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු, බාල පුත්, ජෙරම් කෙනෙත් ප්‍රනාන්දු, ඇතුළු කීපදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ,සමූපකාර ,අභ්‍යන්තර ,වෙළඳ කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින්, සිය බලය යොදා පැල්වත්ත සීනි සමාගමෙන් ,එතනෝල් මිලදී ගැනීම හා ඒවා ප්‍රවාහනය කිරීමට සතොස ආයතනයේ ලොරි යොදා ගැනීමක්ද සිදුකර ඇත.

එනම්, 2012 ජූනි මස 07 වැනිදා එතනෝල් ලීටර් 10,000 ක් , හා 2012 ජූනි මස 8 වැනිදා එතනෝල් ලීටර් 10,000 ක් ,යනාදී ආකාරයට එතනෝල් ලීටර් 20,000 ක් ,පැල්වත්ත සීනි සමාගමෙන් ලබාගෙන ඇත.

ඒවා පැල්වත්තේ සිට කුරුණෑගලට ප්‍රවාහනය කිරීම සඳහා සතොස ආයතනයට අයත්, W.P.L.C.2757 අංක දරණ ලොරි රථය සහ එහි රියැදුරා ලෙස හීනටිගල විතානගේ සමන් විතානව යොදා ගෙන ඇත.

එවකට සමූපකාර හා තොග වෙළඳ සංස්ථාවේ සභාපති ධූරය දරා ඇත්තේ එරාජ් ප්‍රනාන්දුය. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුට 2012.05.06. වැනි දින ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ, 2012.06.01.වැනි දින සිට 2012.06.30. වැනි දින දක්වා, මාසික කොන්ත්‍රාත් පදනම මත, හීනටිගල විතානගේ සමන් විතානව , සතොස ආයතනයේ රියදුරෙකු ලෙස බඳවා ගන්නා ලෙසය.

එයට එවකට සතොස ආයතනයේ අතිරේක පාලන සාමාන්‍යාධිකාරිව සිටි විපුල කිත්සිරි සිල්වාද, අනුමැතිය ලබාදී ඇත. ඒ 2012.06.06.වැනි දිනය.

එලෙස,ලියකියවිලි හරහා බඳවා ගැනීමට දින 6 කට පෙර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම රියදුරාව සතොස ආයතනයට,අනියම් ආකාරයට නීති විරෝධී ලෙස, බඳවාගෙන,තමන්ගේ ආයතනයේ අරක්කු ප්‍රවාහනයට යොදාගෙන ඇත.

මෙම ලොරි රථයට අදාළ ඉන්ධන ලබාගෙන ඇත්තේ ,කොම්පඤ්ඤවීදියේ පිහිටි C.F.MEL ඇන්ඩ් SONG PVT LTD ඉන්ධන පිරවුම්හලෙනි. ඉන් ඉන්ධන ලීටර් 368.91 ක් ලබාගෙන ඇත.

ඒ සඳහා 2012.06.06.වැනි දින රුපියල් 20,000 ක්, හා 2012.06.08.වැනි දින රුපියල් 22,425 ක්, සතොස ආයතනයේ ගිණුමෙන් ලබාගෙන ඇත.

මේ ආකාරයට එම ලොරි රථය සහ රියදුරාව ජොන්ස්ටන් ප්‍රනාන්දූගේ, අරක්කු ප්‍රවාහනයට යොදා ගත්තද, සතොස ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමනාකරු ඉන්දික රත්න මළල, අදාළ පොත්පත් වල ව්‍යාජ සටහන් යොදමින්, කිළිනොච්චියේ සිට කොළඹ දක්වා සතොස ආයතනයේ බඩු ප්‍රවාහනය කිරීමට, එම ලොරිය සහ රියදුරාව යොදා ගත් බව සඳහන් කර ඇත.

එපමණක් නොව, ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත්,Wayamba Distilleries Pvt Ltd ආයතනයේ වැඩ කටයුතු සඳහාද, සතොස ආයතනයට අයත්, ලොරි රථ සහ රියදුරන් යොදාගෙන ඇති බව ,කරන ලද පරීක්ෂණයකින් කරුණු අනාවරණය වී ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් ඇතුළු පිරිස කර ඇත්තේ බරපතළ වරදකි. එය දණ්ඩ නීති සංග්‍රහයේ 102,103, ( ආ ) 386,454, අදාළව ,1982 අංක 12 දරණ පොදු දේපළ පනත සහ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනත යටතේ වසර 20 ක පමණ සිරගත විය හැකි බරපතළ වරදකි.

සටහන :- ශ්‍රී ලාල් ප්‍රියන්ත
- ethalayanews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka