gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයියෝ දයාසිරි... අයියෝ දයාසිරි... රිලා නැටුම් පුරුදු වුණා නම් හරි!

විපක්ෂ නායකතුමාට තියෙන සත දෙකත් දයාසිරිත් එක්ක ගියාම නැති වෙන බවත් මෙයාව ගණන් ගන්නේ නැති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ඊයේ (05) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“මේගොල්ලෝ පවු කථානායකතුමා. මේගොල්ලෝ පවු. හිරි පක්ෂයකුත් නෑ. දැන් ලේ වලින්, ඔයත් ගියා නේද අර සංවර්ධන නිලධාරීන් හම්බෙන්න. මේගොල්ලන්ට මරු වැඩේ වුණේ.

මේගොල්ලෝ ගියා සංවර්ධන නිලධාරීන් හම්බෙන්න. සංවර්ධන නිලධාරීන් ජනාධිපතිතුමා හම්බුනාට පස්සේ කිවුවා, සර් කට්ටිය ආවා ගියා අපි ගණන් ගන්නෑ කියලා.

අයියෝ දයාසිරි.. අයියෝ දයාසිරි.. අයියෝ. දයා මේ, අයියෝ කාලේ කන්නැතුව, ඒනිසා අපිට කියන්න තියෙන්නේ මේකයි. අද දිනයේ ඉතාම වැදගත් පනත් තුනක් අපි අද විවාදයට ඉදිරිපත් කරලා තියෙනවා.”

“කථානායකතුමා ඕවා ගණන් ගන්න එපා. මේවා ෂෝ විතරයි. ඔබතුමා ගණන් ගන්න එපා නිකන් ෂෝ කාරයෝ මේ. ෂෝ කාරයෝ. පක්ෂයකුත් නෑ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් මෙයාට කැමති නෑ.

මෙයා ගණන් ගන්නෑ. අරයට පක්ෂයකුත් නෑ. අරයා සජබෙන් අස්වුණා. එහෙනම් මැදට වෙලා ඉන්න. අපි විවාදය කරනවා. ඔබතුමාත් එනවාද. ලේ වලින් ලියලා දෙනවද.

විපක්ෂ නායකතුමා මේකත් ලේ වලින් ලියලා දෙනවද. විපක්ෂ නායකතුමා, මේ ඔබතුමාට මේගොල්ලන් එක්ක ගියාම තියෙන ඡන්දත් කැඩෙනවා. මේ මොකක්ද. මේ තනිකර අර මිනිස්සූ එපා කියපු පොහොට්ටුව මේ.

මේ අර මිනිස්සූ ගහලා පන්නපු පොහොට්ටුව මේ. ඔබතුමාට ඡන්ද එන්නෑ මේ වැඩෙන්. මේ අර පොහොට්ටු කාරයෝ. මේ පොහොට්ටු කාරයෝ. පොහොට්ටු සංස්කෘතියට ඔබතුමා ගොදුරු වෙන්න එපා.

විපක්ෂ නායකතුමා, ඒ නිසා ඔබතුමාට තියෙන සත දෙකත් නැති වෙනවා මේ දයාසිරිත් එක්ක ගියාම. දයාසිරිත් එක්ක ගියාම තියෙන සත දෙකත් නැති වෙනවා. මෙයාව ගණන් ගන්නෑ.

දැන් ජනාධිපතිතුමා වුණත් ඇවිත් කිවුවානේ⁣ මෙයා හුළග වගේ කියලා. ආ මෙයා දැන් කරන්න තියෙන්නේ කථානායකතුමනි, මෙතුමා දැන් අර මැයි දිනය ළග එනවානේ. දැන් ඔයා රිලා නැටුම් පුරුදු වුණා නම් හරි.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka