gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නි.ඇමැති මුනීර් මුලාෆර්ගේ යෝජනා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් නව වකුෆ් මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා තිබෙන බවත්, මෙම මණ්ඩලය සඳහා යෝජිත පුද්ගලයන් දරන ආගමික මතවාද ඉතාම අන්තවාදී සහ දැඩි දෘෂ්ටිවාදි බැවින් මෙම පිරිස පත්කළහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

බොදු බල සේනා සංවිධානය විසින් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ පිළිබඳව කියා සිටියහ. 

මෙම නියෝජ්‍ය ඇමැතිවරයා දරන ආගමික මතවාදය සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් තිබෙන බවද ඔහු කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ද ආගමික අන්තවාදයට සහායක් ලබාදෙන ආකාරයක් බවද උන්වහන්සේ පැවසූහ.

මෙරට සියලුම මුස්ලිම් පල්ලි පාලනය කරනු ලබන්නේ වකුෆ් සභාව බවත් එම ආයතනය ස්වාධීන ආයතනයක් වීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවත් මෙවැනි අන්තවාදී පිරිස් මෙහි සාමාජිකයන් බවට පත්කළහොත් මෙරටට සිදුවන්නේ විශාල හානියක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

එහිමියෝ මෙසේද කීහ.

“අපි එදා කියපු දේ දේශපාලඥයෝ ඇහුවෙ නෑ, ආරක්ෂක අංශ ඇහුවේ නෑ, අපි කියපු ඒවා ඇහුව නම් එදා පාස්කු ප්‍රහාරයක් සිදුවන්නේ නෑ, 200 ගානකට අධික පිරිසකගේ ජීවිත අහිමිවෙන්නෑ.

මුනි මූලර්ෆර් ඇමතිවරයා දැන් අලුතින් වකුෆ් සභාවක් හදන්න යනවා. වකුෆ් සභාවේ යෝජනා නොවිය යුතු පුද්ගලයන් සිටීම විශාල ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. නම් අටක් මා ළඟ තිබෙනවා එතන ඉන්න දෙන්නෙක් හැර අනිත් හය දෙනා සැක සහිතයි. පුළුවන්නම් අපි කියනවා මේ අටදෙනාගෙ දිවුරුම් පෙස්සම් ඉදිරිපත් කරන්න කියලා.  


එදා අන්තවාදය හඳුනා නොගත්ත නිසා එදා පාස්කු ප්‍රහාරය වගේ විනාශයක් වුණා. මේ අන්තවාදයේ පිරිස් තරුණයන් රැඩිකල් බවට පත්කරනවා. මේවා ජාතික ආරක්ෂාවට බලපානවා. මේ පත් කිරීම් ගැන කඩිනමින් සොයා බලලා ක්‍රියාමාර්ග ගන්න කියලා. මම පිටු හතරක ලිපියක් ජනාධිපතිතුමාට පක්ෂ ලේකම්වරුන්ට නිකායවන්වල හාමුදුරුවන්ට එව්වා. ඒ ලිපියට තවම පිළිතුරු නෑ. මම අදින් පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නෑ. දැන් වකුෆ් සභාවකුත් ඇවිල්ල තියෙනවා.”
-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka